රණවිරුවන්ගේ තවත් සුපිරි වැඩක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර තිබේ.
යුද්ධ හමුදාව වෙත අලුතින් රථවාහන මිළදි ගැනිම සදහා අධික මුදලක් වැයකිරිමට සිදුවන බැවින් නැවත භාවිතයට ගැනීම සඳහා එම වාහන සංවර්ධනය කර තිබේ. එම වාහන යුද්ධ හමුදා කදවුරු වෙත ලබාදිමද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (නොවැම්බර් 03) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේදී සිදුකරන ලදි.
ඉතා කෙටිකාලයක් තුල අඩු පිරිවැයක් දරා සිදුකල එම ක්‍රියාවලියේදි බස්රථ -10 ක්, ට්‍රක් රථ - 05 ක්, යුනිකෝන් රථ - 03 ක්, ධාවන පැදි - 05 ක්, ට්‍රැක්ටර් රථ - 01 ක් සහ කැබ්රථ - 01 ක් අලුත්වැඩියා කර පරික්ෂණ ධාවනයේ යොදවා ඉතා උසස් මට්ටමකින් යුද්ධ හමුදා කදවුරු වෙත මෙහිදි ලබාදෙන ලදි.










popular news
-
STG Friday, 05 November 2021 04:43 AM
Ela weda
Reply : 0 34
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

