රටේ සිවිල් ජනතාව නීතිවිරෝධී ලෙස හැසිරෙනවා - GMOA
රටේ සිවිල් ජනතාව නීති විරෝධී ලෙස හැසිරෙන බවත් ඒ අනුව ගලහ රෝහල වසා දමා ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ වෛද්‍ය නවීන්ද සොයිසා මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ගහල සිදුවීමේදී නීතිවිරෝධී හැසිරුණු පුද්ගලයන් අත්අඩංගුවට නොගන්නෙ නම් අඟහරුවාදා උදෑසන විට මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවා බිඳ වැටීමේ අවධානමක් ඇති බවයි.
" සිවිල් ජනතාව නීති විරෝධී හැසිරුණ නිසා ගලහ රෝහල මේ වන විට වැටී තිබෙනවා. මාධ්‍ය ආයතන වගකීමෙන් තොරතුරු දිය යුතුයි. අපි උපරිම ආකාරයට ඉවසීමෙන් ඉන්නවා. වෘත්තීය සංගම් අපට මේ සිද්ධියට අදාළව වෘත්තීය ක්‍රියාමාර්ගවලට යෑමට ඉල්ලීම් කරනවා. අපි මෙයට නීතිය ක්‍රියාත්මක කිරීමට ලබන සඳුදා දක්වා කාලය ලබා දී තිබෙනවා. එසේ නොවුණ හොත් අඟහරුවාදා උදය වන විට මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවය බිඳ වැටීමට අවස්ථාවක් තිබෙනවා."

popular news
-
manoj Friday, 31 August 2018 02:20 PM
එතකොට මේ අය අහිංසක ලෙඩ්ඩු උගසට තියල අසාධාරන ඉල්ලීම් දිනා ගන්න හදන්නේ...
Reply : 1 122
Ruwan Friday, 31 August 2018 02:28 PM
මොවුන් ඔබලාගේ නීති විරෝධී වැඩ වලටත් මෙලෙසින්ම ඉදිරියේදී ප්‍රතිචාර දක්වනු ඇති. එයට සුදානම්ව සිටින්න. ඔබලාගේ මුරුග ගති ඉවසීමේ සීමාව ඉක්මවා යන තැනට අපව ගෙනගොස් ඇත. මිනිසුන් විසින් දෙවියන් ගේ රාජකාරියක් ලෙස සලකු වුර්තිය මෙතරම උපහාසයට පත් කරගත්තේ ඔබලා විසින්ම බවත් මතක තියාගන්න.
Reply : 2 1126
Niyas Friday, 31 August 2018 02:33 PM
Dostharala kappam kaarayo wage hasirenawa
Reply : 0 118
Champa Friday, 31 August 2018 07:20 PM
එතන නම් ඇත්තටම දොස්තරගේ වැරැද්දකුත් නැහැ. අනිත් අයගේ තමයි තේරෙන විදයට අතපසුවීම. ---- නමුත් මේ GMOA mafia එකට කියන්න අයිතියක් නැහැ ජනතාවට හැසිරෙන්න ඕනේ විදිය ගැන. මිනිස්සුන්ට අයිතියක් තියෙනවා තමන්ට පෙනෙන හැටියට ප්‍රශ්නෙකට ප්‍රතිචාරය දක්වන්න. දරුවෙකුගේ මරණයක් වුනහම මිනිස්සු ආවේගශීලී විදියට හැසිරෙනවා තමයි. එහෙමෙ කළා කියලා මධ්‍යම පළාතේ සෛඛ්‍ය සේවය බිඳ වට්ටනවා කියලා තර්ජනය කරන්න GMOA එකට අයිතියක් නැහැ. ඇත්තටම තොපි දොස්තරලද මිනීමරුවොද? මේ වගේ දේකදී ආණ්ඩුව ආවේගශීලීව හැසිරුණු මිනිස්සු දිහා බලන්න ඕනේ මානුෂික හැඟීමකින්. GMOA එක මනුස්සකමක් ගෑවිලාවත් නැති මිනීමරු සංවිධානයක් වුනාට ආණ්ඩුව හැසිරෙන්න ඕනේ වගකීමක් ඇතුව. මම නම් කියන්නේ ආණ්ඩුව හමුදාවේ වෛද්‍යවරු සහ හෙදියෝ දාල ගලහ ඉස්පිරිතාලේ අරින්න ඕනේ වහාම. පින්තූර වල දැක්ක විදියට ඒ පැත්තේ ඉන්නේ දුප්පත් අහිංසක මිනිස්සු. දරුව මැරුණ නිසා ආවේගෙට ඉස්පිරිතාලෙට ගල් ගහන්න ඇති. දැන් GMOA එක වර්ජනය කරපු දවස්වල මිනිස්සු කීදාහක් මැරෙන්න ඇතිද? ඔහොම ඉස්පිරිතාලේ වහල, දැන් තව දරුවෙක් ලෙඩ වුනොත් ඒ දුප්පත් මිනිස්සු කොහාටද අරන් යන්නේ? ඒ හින්ද ඉස්පිරිතාලේ අරින්න වහාම.
Reply : 0 23
Dinusha Sewwandi Sunday, 02 September 2018 02:18 PM
මේ අයගේ හැසිරීම අතී විශිෂ්ටයි. ජනතාවගේ ඉවසීම ඉවරයි. කන්න බලාගෙන ඉන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
