රට සංවර්ධනය කළ හැකි එකම නායකයා රනිල්
රට සංවර්ධනය කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මතතා පමණක් බවද,එදා රටේ පැවති අරගලය අවස්ථාවේ දී පාලනය භාරගෙන පැවති අවදානම් සහගත බවින් රට මුදාගන්නට ඔහුට හැකිවූ බවද, ජත්‍යන්තරය පවා ඔහුගේ නායකත්වය පිළිගන්නා බවද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ බියගම සිය කාර්යාලයේදී අලුත් අවුරුදු උත්සවය සඳහා පැමිණි ජනතාව අමතමිනි.
"රට සාමාන්‍ය තත්වයට යළි පත්වෙමින් පවතිනවා.අද රටේ ජීවන මිල මීට වසර දෙකකට පෙර තිබූ තත්වයට වඩා සහනදායි වී තිබෙනවා.රටේ ජනතාවට මීටත් වඩා සහන ලබාදීමට අප ඉදිරියේදී කටයුතු කරනවා.අද රුපියල ශක්තිමත් වෙලා. ජනතාවට සහන ලැබිලා තියෙනවා.සංචාරක කර්මාන්තය වැඩි දියුණු වෙලා. ආයෝජකයන් සහ සංචාරකයන් දැන් වැඩි වැඩියෙන් ලංකාවට එන්න පටන් අරගෙන. මෙවර මැයි රැළිය අතිසාර්ථක ව පවත්වනවා.ශ්‍රී ලංකාව සමෘද්ධිමත් රටක් බවට පත් කළ හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අද කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවා."
කඩුවෙල- ආසිරි දමින්ද /මල්වාන- ඩබ්.එම්.විතානගේ/දෙල්ගොඩ- සුදත් පුබුදු කීර්ති)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
