විදෙස් ගත වන ශ්‍රමිකයන්ට විශාල වශයෙන් ප්‍රශ්න ඇති බවට මතයක් පැවතියද ශ්‍රමිකයන්ගෙන් යම් ගැටළුවක් ඇතිවන්නේ වන්නේ 1000කට දශම 1ක් පමණක් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කරන අනුරාධපුරයේදී පැවැත්වෙන "ගරුසරු" 31 සහ 01 දෙදින පැවති වැඩ සටහනට සමගාමීව අනුරාධපුර වයිට් හවුස්` හෝටලයේදී ඊයේ (31) මාධ්‍ය සංසද පිහිටුවීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රටට විදෙස් මුදල් එවීමට එපා යැයි කියද්දී පවා ඔවුන්ගේ යුතුකම ඉටු කරමින් ඩොලර් බිලියන අටයි දශම නවයක් (8.9) විදෙස් ශ්‍රමිකයන් තම මවුරටට සැපයූ බවයි.
ඒ හේතුවෙන් මේ වන විට ඩොලර් බිලියන හතරයි දශම පහක(4.5) සංචිතයක්තයක් රට තුළ පවත්වා ගැනීමට පවා හැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ම ආවරණය වන පරිදි පාසල් 340 කට සුහුරු පන්ති කාමර කට්ටල ලබා දීමද එක් දිනක් තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් තරුණ තරුණියන් හාර දහසක් පරීක්ෂණයට ලක් කර වෘත්තීය මට්ටම හඳුනා ගෙන සුදුසු විදේශ රැකියාවකට යොමු කිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමද මෙහිදී සිදු කෙරුණු අතර ලංකාව පුරා මේ වැඩ සටහන ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් විදෙස් ශ්‍රමිකයකුට ඇතිවන ප්රශ්නය පමණක් සමාජගත නොකර ඒ සඳහා ඇති විසඳුමද කාර්යාංශය හරහා මාධ්‍ය මගින් ලබා ගෙන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයා නීති විරෝධී ලෙස නොව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක යාමෙන් විදෙස් රැකියාවකට යාමෙන් පූර්ණ මැදිහත් වීමක් සිදු කල හැකි බවද පැහැදිලි කළේය.
ලියාපදිංචි වී යන අයට අනිවාර්යයෙන් යම් හෙයකින් මරණයක් සිදු වුවහොත් මරණ වන්දිය රුපියල් ලක්ෂ දහයක් කාර්යාංශය මගින් ලබා දෙන බවත් විදෙස් රැකියාව කර රැකියාව කර ලංකාවට පැමිණ සිටින පිරිස් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට රුපියල් මිලියන 2 දක්වා අවශ්‍ය සහන සලසන බවද අමාත්‍යවරයා කීය.
මේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්වන මංගල රන්දිනිය,ආර් සි බී ඒකනායක,උතුරු මැද පළාත් කළමනාකාර එච්.එම්.සුනිල් යන නිලධාරීහු ද මාධ්‍යවේදීහු හැත්තෑවක් පමණ ද එක්ව සිටියහ.