රට තුල කිසිදු පොහොර හිඟයක් නෑ
ශ්‍රී ලංකාව තුල යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බව අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය ස ඳහන් කරයි.
පේරාදෙණිය ගන්නෝරුවේ පිහිටි ජාතික කෘෂිකර්ම තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානයේදී අද (29) වනදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අතිරේක අධ්යක්ෂ ජනරාල් ජනරාල් ශ්‍යාමලි මහත්මිය මේ බව සඳහන් කළාය.
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය, තව දුරටත් සඳහන් කළේ, මෙවර යල කන්නය සඳහා පොහොර අවශ්‍යතාවය පිළිබඳව ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කළ බවත් යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බවට ඔවුන් සහතික කළ බවත්ය.
යල කන්නය වෙනුවෙන් මේ වන විට යූරියා මෙට්‍රික් ටොන් 25,000 ක් ගෙන්වා ඇති බවත් ඉදිරියේදී තවත් මෙට්‍රික් ටොන් 25,000 ක් ගෙන්වීමට පියවර ගෙන ඇති බවත් පොහොර ලේකම් කාර්යාලය ස ඳහන් කළ බවත් අතිරේක අධ්යක්ෂ ජනරාල් ශ්‍යාමලී මහත්මිය තව දුරටත් කීවාය.
කෙසේ නමුත් පොහොර බෙදා හැරීමේ යම් ගැටළුවක් නිරීක්ෂණය වී ඇති බවත් ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුවත් සම ඟ එක්වී පොහොර බෙදා හැරීම විධිමත් කිරීමට ඉක්මනින් පියවර ගන්නා බවත් කී අතිරේක අධ්යක්ෂ ජනරාල්වරිය, රට තුල කිසිදු පොහොර හිඟයක් නොමැති බව සහතික කර කිව හැකි බවත් කීවාය.
මොහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
