අරලිය සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ඩඩ්ලි සිරිසේන මහතා විසින් හදිසි ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 100ක මුදලක් පරිත්‍යාග කර තිබේ.
මීට අමතරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආපදාවන්ට ලක්වූවන්ගේ සහන වැඩසටහන් වෙනුවෙන් සහ සියලුම සහන සේවා කටයුතු වෙනුවෙන් තවදුරටත් තම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු විසින් ජනපති ලේකම්වරයාට පවසා තිබේ.

