මීට වසර 2300 කට පෙර මිහිඳු මහරහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලාවට වැඩම කිරීමෙන් පසු දඩයමේ පැමිණි පිරිසකට ධර්මය අවබෝධ කරමින් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි 'භාරකාර සංකල්පය ' මිහින්තලා පුද බිමෙන් ආරම්භ කළ බවත් වර්තමානයේ රටට අත්ව ඇති ඉරණම සඳහාද එවැනි System change එකක් සදහා කාලය එලඹ ඇති බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පැවසූහ.
මිහිඳු මහරහතන් වහන්සේගේ වසර (2282) දෙදාස් දෙසීය අසූ දෙකක් ගතවන පරිනිර්වාණය නිමිතිකර ගෙන ඊයේ (2දා) ඓතිහාසික මිහින්තලා පුද බිමේ පැවති ආගමික වතාවතවලින් අනතුරුව අනුශාසනාවක් සිදු කල උන්වහන්සේ මෙසේද පැවසූහ.
"නිදහස ලැබීමේ සිට අද දක්වා බලන විට අප අගාධයට යමින් සිටිනවා. වර්තමානයේ ආණ්ඩු කරවන ඇත්තෝ සහ ආණ්ඩු කරපු ඇත්තෝ සියලු දෙනා මීට වග කිව යුතුයි. ඒ සියළු දෙනාට අධි ආරක්ෂිත කලාප මෙන්ම අධිපෝෂනය පවතිනවා, ඒත් සාමාන්‍ය ජනතාවට ඉතුරු වෙලා තියෙන්නෙ මන්දපෝෂණය පමණයි.
ආර්ථික ඝාතකයින් ලෙස ජාත්‍යන්තරය විසින් හදුන්වා දී තිබෙන මෙරට නායකයින් විවිධ වෙස් අරගෙන ඔබලා ඉදිරිපිටට පැමිණියද ඊට නොරැවෙටෙන ලෙස මම රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම එල්ටීටීඊ ත්‍රස්තවාදය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද රට විනශ කිරීමට වගකිවයුතු වනවා, අධි ආරක්ෂිත කලාප නම් කරමින් වංචනිකයන් ආරක්ෂා කිරීම වෙනුවට රටේ භාරකාරයා ලෙස ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ ජනතාව ආරක්ෂා කිරීමයි."
