රට අගාධයට යද්දී එක් වන ඊශ්‍රායලයේ වගේ විපක්ෂයක් අපට නෑ
ඊශ්‍රායලයේ මෙන් අර්බුධකාරී අවස්ථාවේ සහය දක්වන විපක්ෂයක් ශ්‍රී ලංකාවේ නොමැති බවත් සාම්ප්‍රදායික විපක්ෂයක් සමග රජයට ආර්ථික අර්බුධයට තනිව මුහුණ දීමට සිදුව ඇති බවත් රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ එබැවින් නිදහසෙන් පසු අභියෝගත්මක නායකත්වය හිමිව ඇත්තේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි. රාජ්‍ය වැවිලි ව්‍යවාසය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අද (24) මේ බව කියා සිටියේ ය.
තැළුම් සීරුම් නොමැතිව ආර්ථික අගාධයකින් ගොඩ ඒමට නොහැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ වත්මන් රජය ක්‍රමානුකූලව ඊට මුහුණ දෙමින් සිටින බවයි.
වර්තමානයේ පවතින්නේ ඉතිහාසයේ පැවැති අභියෝගාත්මක නායකත්වය බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ මෙතෙක් සිටි සෑම ජනාධිපතිවරයකුට ම අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ආසන 100කට වැඩි බලයක් හිමිව තිබූ බවයි. එහෙත් වත්මන් ජනාධිපතිවරයා වටා සිටින්නේ රටේ අර්බුධකාරි අවස්ථාවේ ඉන් මිදීම සඳහා එක් වූ විවිධ අදහස් සහ න්‍යාප පත්‍ර සහිත පරිසක් බව හෙතෙම පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා තමා වෙත ලබා දුන් මෙම වගකීම හැකි උපරිමයෙන් ඉටු කිරීමට කැපවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ අවසානයේ ජනතාවට වඩාත් පහසුවෙන් ජීවිත් විය හැකි තත්ත්වයකට පත් කිරීමේ ජනාධිපතිවරයාගේ උත්සහය වෙනුවෙන් හැකි සහය දක්වන බවයි.
popular news
-
K. Ranaweera Tuesday, 24 October 2023 11:34 AM
Israel PM Nethaniyhu is a duly elected PM not like in Sri Lanka leader.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

