වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටලු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඊයේ (09දා) රාත්‍රී ජිනීවා බලා පිටත්ව යාම සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියේය.
එහිදී ප්‍රමිතියකින් තොර බාල ඖෂධ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මගහැර මෙරටට ගෙන්වීම, එම ඖෂධ භාවිත කිරීම නිසා රටපුරා ජනතාව මරණයට සහ රෝගාතුර වීම සහ ඔවුන් පිළිබඳව පසුවිපරම් සිදු නොකිරීම, හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගෙන මෙරට ක්‍රියාත්මක ඖෂධ මාෆියාව විසින් ජනතාවගේ මුදල් සොරා ගැනීම, වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වර්තමානයේ උද්ගත වී ඇති ගැටලු මේ යටතේ ජිනීවාහි මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන, ආයතන සහ රටවල් කොතෙකුත් ආධාර ලබා දුන්නදඒවා දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් කොල්ලකෑම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද තමන් ජිනීවාහිදී ඉල්ලා සිටින බවද පැවසීය.
මීට අමතරව ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයටද වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම ඇතුළුඔවුන් විවිධතාඩන පීඩනවලට ලක්කිරීම ඇතුළු කරුණු ගණනාවක් අලලා පැමිණිලි කිරීමටද නියමිතය.
වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා පෙරේදා දින රාත්‍රී 08.35ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 653 දරන ගුවන්යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. මන්ත්‍රීවරයා ඩුබායි වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන්යානයකින්ජිනීවා වෙත යාමට නියමිතව තිබුණි.