රටේ සංවර්ධන වෙනුවෙන් පීඩාකාරී හා වේදනාකාරී තීන්දු ගන්න වෙනවා
වසර හැත්තෑ පහක් තිස්සේ මේ රටේ සංවර්ධනය සෙක්කුවක් මෙන් කරකැවී තිබුණු බවත් ඉදිරියේදී රටේ සංවර්ධනය වෙනුවෙන් පීඩාකාරී වේදනාකාරී තීන්දු තීරණ රැසක් ගැනීම්ට අකමැත්තෙන් වුවද සිදු වන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (22දා) දඔඹුල්ලේ දී පැවසීය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් දඹුල්ල කණ්ඩලම හයේ කොටස ප්‍රදේශ්යේ රුපියල් කෝටියක මුදල්ක් වියදම් කොට පාලමක් අලුත්වැඩියා කොට එය ජනතා අයිතියට පවරා දීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ අවස්ථාවට එක්වූ රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රටේ ආපදාවන් තත්වයන් පිළිබඳව දැඩි තීන්දු තීරණ රැසක් ගැනීම්ට නියමිත බව පෙන්වාදෙමින් කියා සිටියේ තමන් අමාත්‍යවරයා වශයෙන් සේවය කරන තාක්කල් පොල් ගෙඩියක් වැටුණට කිසිදු සෙවිල්ලක් නොමිලේ ලබාදීම සිදු නොකරන බවය.
එමෙන්ම තම අමාත්‍යංශයේ සේවය සඳහා අනියුක්ත කර සිටී නිලධාරින් 114 ක් දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීම්ට ඉදිරියේදී පියවර ගන්නා බවත් තම අමාත්‍යාංශයේ අනවශ්‍ය ලෙස සේවා සැපයීම් සම්පූර්ණම නවතා දමා තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
එමෙන්ම ලෝකයේ බොහෝ රටවල් දියුණු වී ඇත්තේ තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටු කරන නිසාවෙන් බව පෙන්වා දෙමින් හෙතෙම කියා සිටී මේ වන විට ආපදාවට ලක්වීමට නියමිත ඉදිකිරීම් විශාල වශයෙන් හඳුනා ගෙන ඇති බව ය.
කොළඹ නගරයෙහි පමණක් ගස් ලක්ෂයක් පමණ තිබෙන බවත් එයින් ගස් තුන් සියයක් පමණ මේ වන ප්‍රශ්න ගතව ආපදාවට ලක් වීම අවදානම් තිබෙන බව හෙතෙම සඳහන් කළේ ය .එහෙත් එවැනි ස්ථාන හඳුනාගෙන නිවේදන නිකුත් කිරීම් සඳහා මෙරට ආයතනයක් නොමැති බවත් ඉදිරියේදී එම ස්ථාන හඳුනා ගැනීම් ජාතික ගොඩනැගිලි මධ්‍යස්ථානයට පවරා තිබෙන බව සඳහන් කළේය.
කිසිදු අවසරයකින් තොරව ඉඩම් හිමි කමකින් තොරව නිවාස දාසය දාහක් සඳහා රජයට වන්දි ගෙවීම්ට සිදු වී තිබෙන බව ද වෙනත් රටවල එසේ නිකරුනේ ආපදා සහන හෝ වන්දි ලබා දීමක් සිදු නොවන බවද ද ඔහු මෙහිදී අවධාරණය කළේය.
මේ වන විට රටේ ජනතාව සංක්‍රාන්ති සමයක් ගත කරන බව ද පසුගිය වසරේ මේ වන විට රට ගිනි ගොඩක තිබුණු බව අද වන විට රට තිබුණු තත්ත්වයෙන් යම් කිසි තැනක සැනසිලිදායක තැන්කට ගෙන ඒමට හැකියාව ලැබුණු බව පැවසීය.
පසුගිය කාලයේ ආපදා කළමනාකරණය පිළිබඳව සිදු කර ඇති වියදම් පිළිබඳව සොයා බලන විට කණගාටු වන බව ද අමාත්‍යවරයා දැඩිව ප්‍රකාශ කළේය.
popular news
-
Dayan Monday, 23 October 2023 01:13 AM
It will be painful only to ordinary people of the country. Politician who have made billions out of public funds putting the people in bankruptcy can have jolly life.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

