අධ්‍යාපනය, සෞඛ්‍ය හා රටේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක පාලකයන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, මේ හේතුවෙන් පීඩිත ජනතාවට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙස රජයට බල කරමින් රජරට විශ්ව විශ්වවිද්‍යාල වෛද්‍ය ශිෂ්‍ය සංගමය අද ( 7දා) අනුරාධපුර නගරයේ දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.
ශිෂ්‍යයන් හට අධ්‍යාපනය ලබාදී, කුසගින්නෙන් පෙළෙන ජනතාවට අවශ්‍ය සහන ලබාදී, එම ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් වහා ලබා දෙන ලෙසට උද්ඝෝෂකයෝ මෙහිදී රජයට බලකර සිටියහ.
අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටින් ආරම්භ කෙරුණු මෙම උද්ඝෝෂණ පෙළපාලියේ යෙදුණු ශිෂ්‍ය පිරිස්, සටන් පාඨ කියමින්, විරෝධතාපුවරු අතැතිව ආයුර්වේද වටරවුම ඩී.එස් සේනානායක වටරවුමට පිවිස මෛත්‍රීපාල සේනානායක මාවත ඔස්සේ අනුරාධපුර නව බස්නැවතුම් පල අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරත වූහ.



