අද රටේ තියෙන ලොකුම කර්මාන්තය මුදල් අච්චු ගැසීම බවත් රටේ ප්‍රශ්නයක් නැතැයි මහ බැංකු අධිපතිවරයා පවසන නමුත් පොදු ජනතාව ජීවත්වීමේ බරපතල ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවත්වි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පුරහලේදී අද(6) දා පැවැති ලංකා ජාතික වතුකම්කරු සංගමයේ 26 වන සංවත්සර සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහබාගිවෙමින් පැවසීය .
වර්තමාන රජය අපේ රට අද මරණාසන්න තැනකට ගෙනැත් තියෙනවා . අධ්‍යාපනය සෞඛ්‍යය කඩාවැටිලා. රජය නිවේදනය කළා ගෑස් මිලත් රුපියල් 700 කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි කීරීමට තීන්දුකළා කියලා.
මේවා කරන්නද තමුන්නාන්සේලා බලය දනුන්නේ මේ විදියට මේරටේ පොදු ජනතාවට දුකදෙන්න ද තමුන්නාන්සේලා බලය ලබාදුන්නේ .
තව දුරටත් අපිට ඉවසා ඉන්න බැහැ .අපි හැමෝම අත්වැල් බැඳගෙන රටේ ජනතාව ජීවත් කරවීමේ සාමකාමී අරගලයට එකතුවිය යුතුයි .
අපි නිකන් දේශපාලන පක්ෂයක් නොවෙයි. අපි අනතුර අවධානම කලින් දැකලා කල් ඇතිව රටට ප්‍රකාශකර ඒ අනතුරට අවධානමට විසදුම් ලබාදෙන පක්ෂයක්.
දැන් රටේ තියෙන ලොකුම කර්මාන්තය සල්ලි අච්චුගහනඑක. මහ බැංකු අධිපති කියනවා රටේ කිසිම ප්‍රශ්ණයක් නැහැ කියලා. පාලකයන්ටකිසිම ප්‍රශ්නයක් නැහැ."