වර්ථමානයේ රටතුල පවතින තත්ත්වය හේතුවෙන් මහජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිලිබඳව සහ පවතින ක්රියාකාරකම් පිලිබඳව මැතිවරණ කොමිසන් සභාව බලවත් සංතාපයට පත්වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ දැක්වෙනුයේ දශක කීපයක් පුරාවට පැවති දේශපාලන ක්රියාදාමය මෙයට හේතුවක් වී ඇති බවත් ප්රශස්ත දේශපාලන ක්රියාවලියකට මග පෙන්වන මැතිවරණ ක්රියාවලියන් නොමැතිවීම මේ සඳහා හේතුවක් බවයි.
එමෙන්ම ප්රජාතන්ත්රවාදී ක්රමයක හරය සම්මුතිය හා එකඟතාව බව මැතිවරණ කොමිෂන් සභාව සලකනු ලබන බවත් මේ අස්ථාවේදී පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ රටේ අනාගතය ගැන සිතන සියලුම දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධාන විසින් සම්මුතිකාමී එකඟතාවට පැමිණ විසඳුම් සඳහා යොමුවිය යුතු බවත් ඒ සඳහා නිෂ්චිත දේශපාන හා ආර්ථික වැඩ පිලිවෙලක් නිෂ්චිත කාල රාමුවක් තුල ක්රියාත්මක කිරීමට විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මේ අවස්ථාවේදී මග හැරිය නොහැකි වගකීමක් පැවරෙන බවත් කොමිෂන් සභාව නිවේදනයක් මගින් පෙන්වා දෙනු ලබයි.
