රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමටත් උනන්දු විය යුතුයි - බැසිල්
සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අද (27) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්විමේදි අත්යවශ්යසේවාවන්පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබීය.
බැංකු හා මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රධානීන් මෙම රැස්විමට සහභාගිවූ අතර මෙහි දී පහත සඳහන් මූලික කරුණු පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ජා කෙරිණි.
ජාත්‍යන්තර ගණුදෙනු කිරීම සඳහා සියලූ වාණිජ බැංකුවල රාජකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාම.
චෙක්පත් නිෂ්කාශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම.
ATM යන්ත්‍ර නිසි පරිදි පවත්වා ගැනීම හා ATM ජංගම සේවා පැවැත්වීමේ හැකියාව.
අවම සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකු ශාඛා වල සේවය අඛණ්ඩව පවත්වා ගැනීම.
ඒ අනුව ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල දිනකට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අවම වශයෙන් එක්බැංකු ශාඛාවක් නිශ්චිත පැය ගණනකට විවෘතව තැබීමට එකඟ විය.
මෙවැනි අවදානම් කාලයක හැකි සෑම අවස්ථාවක දී ම බැංකු සේවය විසින් තම ගණුදෙනුකරුවන් බැංකු වෙත කැඳවීමට වඩා බැංකුව ගනුදෙනුකරුවන් වෙතට යාමේ ක්‍රියාමාර්ග හා ජංගම බැංකු සේවාවක් හඳුන්වා දීමේ ක්‍රියාමාර්ග වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

popular news
-
Nandana Friday, 27 March 2020 09:26 PM
Basil , this man having court problems many yet.
Reply : 0 0
Champa Friday, 27 March 2020 09:58 PM
කොරෝනා නිරෝධනය සාමාන්‍ය මිනිස්සුන්ට දවස් 14ක් අනිවාර්යයි. නොකොළොත් හිරේ. හැබයි කොරෝනා හැදිලා IDH ඉන්න පළාත් සභා මන්ත්‍රී එක්ක චන්ද වැඩ කරපු බැසිල් රාජපක්ෂට නිරෝධානය දවස් 2යි. කොරෝනා වලට ජනාධිපති කාර්ය සාධක බලකායක් දැම්මේ මාස ගානකට ඉස්සෙල්ල. කිසිම සැලැස්මක් අදටත් ඉදිරිපත් කරන්න බැරි වුන. මහින්දගේ රැස්වීමට පස්සේ ගෝඨාභය කොරෝනා අරමුදලක් පටන් ගත්ත. එකපාරට නිරෝධායනයේ හිටපු බැසිල් රාජපක්ෂ කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වුනා. සල්ලි දැක්ක ගමන් නිරෝධායනය අමතකයි. හාල් පොල් පරිප්පු මලු ටිකක් ටීවී එකේ පෙන්නනුවහම ආහාර බෙදා හැරීම හරි කියල මිනිස්සු හිතනවා කියල හිතනවා ඇති. දැක්ක ගමන් මිනිස්සුන්ට තේරෙනවා වෙන්න යන්නේ මොකක්ද කියල. දැන් හොර කොරෝනා දත්ත එලියට දාන්නේ. අගමැතිතුමා පක්ෂ නායකයන් කැඳවල ඔවුන්ගේ අදහසුත් අරගෙන රටටම ගැලපෙන විධිමත්, විනිවිද පෙනෙන කොරෝනා මර්දන යාන්ත්‍රණයක් සහ ජනතාවාදී සුභසාධන වැඩ පිළිවෙලක් හදන්න හැදුවහම ඒක කඩාකප්පල් කරන්න බැසිල්ව අලුත් කාර්ය සාධක බලකායක් එක්ක ඉස්සරහට දැම්ම. අගමැතිතුමා තමන් පටන් ගත්ත වැඩේ කරගෙන යන්න. මිනිස්සු ඉන්නේ ඔබ එක්ක මිසක් ඇමරිකන්කාරයෝ දෙන්න එක්ක නෙමෙයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

