නීතිවිරෝධී අයුරින් ශ්‍රීලංකා මුහුදු සීමාවේ සිට විදෙස් රටවලට සංක්‍රමණය වීමට ගත් පුද්ගලයින් 500 කට අධික පිරිසක් මේ වසරේ ගතවූ මාස 06 ක කාලය තුලදී නාවික හමුදා භාරයට ගෙන නීතිමය පියවර ගත් බවට නාවික හමුදාව පවසයි.
මෙරට තුල පවතින වත්මන් ආර්ථික ගැටලු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාවට මුහුදු මාර්ගයෙන් යාම වැඩි ප්රවනතාවයක් ගෙවී ගිය මාස කිහිපය තුල වාර්ථා වන බවටද නාවික හමුදාව සඳහන් කරයි.
මේ අතර මෙතෙක් නාවික හමුදා භාරයට පත් වූ සංක්‍රමණිකයින්ගෙන් බහුතර පිරිස් උතුරු පලාතේ යාපනය, මුලතිව්, මන්නාරම, කිලිනොච්චිය සහ වව්නියාව දිස්ත්‍රීක්කයේ පදිංචි කරුවන් බවටද හඳුනාගෙන ඇත.
මේ අතර විදෙස් රටවලට පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් රැගෙන යාම ජාවාරමක් වී ඇති බවටත් ඇතැම් ජාවාරම් කරුවන් සාමාන්‍ය ජනතාව රවටා අධික මුදලක් අයකරගෙන එම වැසියන් අතරමං කිරීමේ ජාවාරමකද නියලී සිටින බවට නාවික හමුදාවට තොරතුරු ලැබී ඇති හෙයින් ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිට නොරැවෙටෙන ලෙසටද නාවික හමුදාව වැඩිදුරටත් ඉල්ලා සිටියි.