ශ්රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (06දා) රාත්රියේ සිදුකළ මුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 07 ක් සමග ජාවාරම්කරුවන් 02 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු මැද නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් වෙරළබඩ මුර යාත්රාවක්, තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ඊයේ (06දා) රාත්රීයේ සිදුකළ මුර සංචාරයකදී එම මුහුදු ප්රදේශයේ යාත්රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරීක්ෂාවට ලක්කරන ලදී. එහිදී එම ඩිංගි යාත්රාව තුල සිටි නීති විරෝධීව මුහුද මඟින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පිරිමි පුද්ගලයෙකු කාන්තාවන් 03 දෙනෙකු සහ කුඩා ළමුන් 03 ක් ඇතුළු 07 දෙනෙකු සමඟ එම ජාවාරමට සම්බන්ධ ජාවාරම් කරුවන් 02 දෙනෙකු එම ඩිංගි යාත්රාව සමඟ නාවික හමුදා භාරයට ගන්නා ලදී.
මෙලෙස නාවික හමුදාව භාරයට ගත් පිරිස වයස මාස 09 ත් 43 ත් අතර පසුවන කිලිනොච්චිය හා පේසාලේ යන ප්රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.