ශ්‍රී ලංකා නාවික හමුදාව, දකුණු සහ බටහිර මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ මුර සංචාර මඟින් එම මුහුදු ප්‍රදේශයන්හි සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) පුද්ගලයන් 45 දෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, දකුණු මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ශ්‍රිලංනානෞ ගජබාහු නෞකාව මඟින් පුද්ගලයින් 26 රැගත් බහුදින ධීවර යාත්‍රාවක්ද, බටහිර මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයට අයත් පී 481 වේග ප්‍රහාරක මඟින් අද (2022 මැයි 27) පුද්ගලයින් 19 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක්ද ද එම මුහුදු ප්‍ර දේ්ශයවන්හි සැකකටයුතු ලෙස යාත්රා් කරමින් තිබියදී මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.
තවද, මුහුදු ගමනකට යෝග්‍ය නොවන තත්වයේ පවතින බව නිරීක්ෂේණය කර නාවික හමුදා භාරයට ගත් මෙම බහුදින ධීවර ය්රාතාවන්ගේ ගමන්ගත් පුද්ගලයන් කල්පිටිය, හලාවත, පුත්තලම, මීගමුව සහ කිලිනොච්චිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදී. මෙම පුද්ගලයින් මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට අනවසරයෙන් සංක්‍ර මණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන අතර, නාවික හමුදා භාරයට ගත් මෙම පුද්ගලයින් සහ බහුදින ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට නියමිතව ඇත.