රටවටා පිහිටි දූපත් සංවර්ධනයට නව ආයතනයක්
ශ්‍රී ලංකා දූපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනය ස්ථාපිත කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රටවටා පිහිටි දූපත් සමූහය සංවර්ධන කර රටේ ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගැනීමේ අරමුණින් මෙම නව අධිකාරිය ස්ථාපනය කෙරේ.
අප රට වටා දූපත් 60 කට අධික ප්‍රමාණයක් පිහිටා ඇත. මෙම දූපත් සමූහය සංවර්ධනය කර සංචාරක ආකර්ශනය ඉහළ නංවා ගැනීමෙන් මෙරට ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදාගත හැකි බව ද හෙතෙම පෙන්වා දේ.
වර්තමානයේදී අප රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. එබැවින් රට වටා පිහිටි මෙම දූපත් විධිමත්ව සංවර්ධනය කිරීමෙන් පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් සොයාගත හැකි බවද අමාත්‍යවරයා පවසයි.
ලොව බොහෝ රටවල පිහිටි දූපත්වල ආර්ථික විභවතාවයන් ඇගයීමට ලක්වුවද ශ්‍රී ලංකාව වටා පිහිටි කුඩා දූපත්වල ආර්ථික විභවතාවයන් මෙතෙක් නිසි ඇගයීමට ලක්ව නැති බවද අමාත්‍යවරයා අදාළ කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.
අප රට වටා පිහිටි බොහෝ දූපත් ඌණ උපයෝජිතව පවතින අතර තවත් දූපත් කිහිපයක පමණක් සංක්‍රමණික ධීවර කටයුතු සිදුවේ.
එබැවින් මෙම දූපත්වල භූගෝලීය පිහිටීම හා පවත්නා සම්පත් භාවිතයට ගැනීමෙන් දේශිය ආර්ථිකය සංවර්ධනය උදෙසා විශාල දායකත්වයක් ලබාගැනීමේ හැකියාව පවතී.
එමෙන්ම මෙම කුඩා දූපත් සඳහා ඉහළ සංචාරක ආකර්ෂණයක් හිමිවේ. පාරිසරික තිරසර බව සුරකිමින් අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී සංචාරක කර්මාන්තය දියුණු කිරීමට මෙවැනි දූපත් යොදා ගත හැකිය. ඒ අනුව විනෝදාස්වාදය, සෞඛ්‍යමය යහපැවැත්ම, ගවේෂණාත්මක, අධ්යයනාභිලාෂී, පාරිසරික, ආධ්‍යාත්මික, සංස්කෘතික අරමුණු සහිත සංචාරක කර්මාන්තයන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් මෙම දූපත් සංචාරකයන් අතර ජනප්‍රිය කළ හැකි බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මීට අමතරව මෙම දූපත් වල වාණිජමය වශයෙන් ඉතා වටිනා ඛණිජ නිධි පවතී. එම ඛණිජ සම්පත් යොදාගනිමින් අගය එකතුකළ කර්මාන්ත සිදුකිරීම මඟින්ද විශාල ආදායමක් උපයා ගැනීමේ හැකියාව පවතී
එමෙන්ම මෙම දූපත්වල ස්වාභාවික පිහිටීම අනුව ක්‍රියාත්මක කළ හැකි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හඳුනා ගනිමින් සුළං බල ව්‍යාපෘති, සූර්ය විදුලි උත්පාදන උද්‍යාන, මුහුදු රළ මඟින් විදුලිය නිපදවීම, භූ තාප විදුලි බලාගාර වැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සිදුකිරීමේ ශක්‍යතාව සොයා බලා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහය ඇතිව ඒ සඳහා සුදුසු ආයෝජකයකු සොයා ගතයුතු බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඊට අමතරව හුදකලා ස්ථානවල පිහිටුවිය යුතු අධික ශබ්දය සහිත, අධික තාප විමෝචනයක් සහිත සහ විකිරණශීලී විමෝචන සහිත කර්මාන්ත ශාලා ද මෙම දූපත්වල පිහිටුවිය හැකිය. එමෙන්ම දූපත් සඳහා උචිත වගා කටයුතු සහ මත්ස්‍ය කර්මාන්තය වැනි අගය එකතුකළ කර්මාන්ත සිදුකිරීමෙන් විශාල ආදායමක් උපයාගත හැකිය.
දූපත් අතර මුහුදු මාර්ගයෙන් සිදුවන ප්‍රවාහන කටයුතු සඳහා සූර්ය බලයෙන් හා සුළං බලයෙන් ක්‍රියාත්මක බෝට්ටු හා යාත්‍රා භාවිතා කිරීම ඉන්ධන අර්බුදයටද විසඳුමක් වන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඊට අමතරව මුහුදු ජලය පිරිසිදු කිරීම වැනි ව්‍යාපෘති මගින්ද විශාල ආදායමක් උපයාගත හැකි බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
මෙලෙස සංවර්ධනය කෙරෙන දූපත්වල ආරක්ෂාව නාවික හමුදාවට හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට හා පොලිස් නාවික කොට්ඨාශයට පැවරෙනු ඇත.
popular news
-
Kumar Monday, 21 November 2022 03:02 PM
Mokekotata hari pin padiyak denna hadanawa. Muhudu mattama ihala yana nisa doopathwalin iwathwenna sidu wenawa. Maya wasra dahayakin siduviy haka
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
