රටම හෙල්ලූ ගනේමුල්ල සංජීව කටුනායකදී අත්අඩංගුවට
මෙරට ප්රමුඛ පෙලේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නැමැත්තා ඊයේ (13දා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
ඔහු 09/13 දින සවස 05.46 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 182 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කිරීමේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ආගමන විගමන නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රාත්‍රී 11.00 ට පමණ , කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
