විපක්ෂය විසින් බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින කොළඹ මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනිමේ කාර්යය සදහාවන පළමු රැස්විම මෙම මස 16 වැනි සදුදා දින පෙරවරු 9.30ට කොළඹ මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්වේ.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර මහත්මිය විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ බව ප්‍රකාශයට පත්කොට ඇත.2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්දවිමසිම ( සංශෝධන) පනතින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්දවිමසිම් ආඥාපනතේ 66 ඇ වගන්තිය යටතේ ඇති බලතල ප්‍රකාරව නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු පත්කරගැනිම සදහා මෙම රැස්විම කැදවා ඇත.
මේ වනවිටත් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනිම සම්බන්දයෙන් ජාතික ජනබලවේගය සහ සමගිජනබලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ අතර උණුසුම් තත්ත්වයක් නිර්මානය වි ඇත. මෙවන් පසුබිමක් තුල ජාතික ජනබලවේගය විසින් කොළඹ මහනගර සභාවේ පාලන බලය ලබා ගන්නා බවට ප්‍රකාශකොට ඇත. සමගිජන බලවේගය ද සදහන් කොට ඇත්තේ කොළඹ මහනගර සභාවේ බලය තමන් හිමිකරගන්නා බවත් විපක්ෂයේ සියලු පක්ෂවල සහයෝගයෙන් සමගිජන බලවේගයේ නගරාධිපතිවරයකු තෝරාපත්කරගන්නා බවය.
පළාත් පාලන ආයතන අතරින් වඩාත් වැදගත් සථානයක් හිමි කර ගන්නා කොළඹ මහ නගර සභාවේ මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 117ක් වන අතර, ඉන් මන්ත්‍රී ධූර 48ක් ජාතික ජන බලවේගය විසින් දිනා ගෙන තිබේ. කෙසේ වෙතත්, මුළු මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙන් 50% කට වැඩි ප්‍රමාණයක් එක් පක්ෂයකට ලබා ගැනීමට නොහැකි වීම නිසා නගරාධිපති ධූරය සඳහා තරඟයක් ඇති වී තිබේ.
මන්ත්‍රී ධූර බෙදී ගොස් ඇති ආකාරය
කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ධූර 117 පහත පරිදි බෙදී ගොස් ඇත:
ජාතික ජන බලවේගය: මන්ත්‍රී ධූර 48
සමගි ජන බලවේගය: මන්ත්‍රී ධූර 29
එක්සත් ජාතික පක්ෂය: මන්ත්‍රී ධූර 13
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: මන්ත්‍රී ධූර 5
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය: මන්ත්‍රී ධූර 4
ස්වාධීන කණ්ඩායම අංක 3: මන්ත්‍රී ධූර 3
සර්ව ජන බලය පක්ෂය: මන්ත්‍රී ධූර 2
ස්වාධීන කණ්ඩායම් අංක 4 සහ අංක 5: මන්ත්‍රී ධූර 2 බැගින්
ජාතික නිදහස් පෙරමුණ, පොදුජන පෙරමුණ, ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය, ජාතික ජනතා පෙරමුණ, එක්සත් ජනරජ පෙරමුණ, ස්වාධීන කණ්ඩායම් 1 සහ 2: මන්ත්‍රී ධූර 1 බැගින් හිමිකරගෙන ඇත.
චන්දන සමරවික්‍රම