වර්ථමානයේ රටට අවශ්‍ය වනුයේ අරගලයක් නොවන බවත්, සියලු දෙනා එක්ව රට දියුණු කිරීම සිදු කළ යුතු බවත් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ(05දා) පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අමාත්‍ය අනුප පස්කුවල් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"එතුමා කියන විදියට පාර්ලිමේන්තුවේ දේශපාලඥයෝ තමයි මේ රට විනාශ කරලා තිබෙන්නේ. මේ රටම පුනරුත්තාපනය කරන්න ඕනී. රටේ ඉන්න මිනිස්සු තමයි ඡන්දය දීලා පාර්ලිමේන්තුව හදන්නේ.
රටම දූෂිත නම් පාර්ලිමේන්තුවත්, ජනතාවත්, රාජ්‍ය නිලධාරීනූත් දූෂිත නම් තමන් දූෂිතයි කියලා කියන්න බෑ. මේ සමස්ථය පුනරුත්තාපනය කළොත් තමයි මේ කියන ප්‍රතිඵලය ලැබෙන්නේ. මේ මනාප ක්‍රමයෙන් පස්සේ තමයි මේ දූෂිත දේශපාලන කියන එක රටට ආවේ.
දූෂිතයෝ, කුඩු කාරයෝ, කසිප්පුකාරයෝ, කළු සල්ලි තිබෙන මිනිස්සු දේශපාලඥයෝ ළඟට සමීපවුණේ ඊට පස්සේ තමයි. කන්ද උඩ ඉදන් ජලාශයක් එනවා නම් පහළ විතරක් පිරිසිදු කරලා මදි. මුදුන පිරිසිදු කරලා තමයි පහළ පිරිසිදු කරන්න ඕනී. මුදුන පිරිසිදු කළේ නැතිනම් කොච්චර පහළ ජලය පිරිසිදු කළත් ජරාවට පත්වෙනවා. උඩයි පහළයි සියල්ල පිරිසිදු කරන්න නම් අපි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වන්නේ හැමෝම එකතුවෙලා රට දියුණු කරන එක."