මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවල් වලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.
කර්මාන්ත අමාත්‍යාංශයේ මග පෙන්වීමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ “කර්මාන්ත 2022” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ අවසන් දිනය වූ ඊයේ (06) දින ඒ සඳහා සහභාගි වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදි අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරනුයේ ආණඩුවට මේ මොහොතේ රුපියල් නොමැති බවත් රටට ඩොලර් නොමැති වීමත් සිදුව ඇති බවත් මෙම තත්ත්වට කෝවිඩ් නිසා ඇතිවුවක් නොවන බවත් මෙය කෝවිඩ් වසංගතය අවසන් වුවද අවසන් නොවන ප්‍රශ්නයක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාව 1955 සිටම ආණ්ඩුව ආදායමට වඩා වියදම් කර ඇති බවත් මෙම වියදම් පියවා ගැනීම සඳහා ආදායම් උත්පාදනය නොකර වියදම් පියවාගැනීම සිදු නොකර දිගින් දිගටම ණය ගැනීම නිසාවෙන් මේ වනවිට රුපියල් ණය ලබා ගත නොහැකි තැනට ආණ්ඩුව සිරවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම මෙම ණය පොලී සමග නැවත ගෙවීමට සිදුවීමේදී පවතින අර්බුද වැඩි වනවා මිස කිසි ලෙසකින් අඩු වීමක් සිදු නොවන බවද ප්‍රකාශ කරන අමාත්‍යවරයා සඳහන් කරනුයේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පියවර පහක් අනුගමනය කල යුතු බවත් එය ප්‍රශ්නයක් පවතින බව පිළිගැනීම මෙන්ම එය ණය උගුල නිසා සිදුවූවක් බව පිලිගැනීම මෙන්ම ජනතාවට බොරු කීම වෙනුවට සත්‍ය පැවසීමත් කාල වකවානු අනුව මේ තත්ත්වයෙන් රට ගොඩ ඒමේ වැඩ පිලිවෙල ආණ්ඩුව ජනතාවට ඉදිරිපත් කල යුතු බවත් එම වැඩපිලිවෙල ආදර්ශයෙන් රටේ නායකයින් ජනතාවට කැප කිරීම් සිදුකරමින් පෙන්වා දිය යුතු බවද සඳහන් කරයි.