ඉන්ධන පිරිමැස්ම සඳහා රටටම ආදර්ශක් ලබා දෙමින් බදුල්ල මහ නගරසභාවේ නගරාධිපති ප්රියන්ත අමරසිරි මහතා , නාගරික කොමසාරිස්වරයා සහ ඉංජිනේරුවරයා ඇතුළු කාර්යමණ්ඩලයේ පිරිසක් රාජකාරි ගමන් සඳහාද පාපැදිය යොදාගෙන තිබේ.
නගරාධිපති ප්රියන්ත අමරසිර මහතා,
පාපැදිය මගේ ජීවිතයේ කොටසක් මා පදින මේ පාපැදිය වසර 21 කට පෙර මිළදී ගත්එකක් .2000 වසරෙදි මම තරුණ සේවා නිලධාරියෙක් ලෙස සේවයකරද්දි රජයෙන් රුපියල් දහසක මුදලකට මේ පාපැදි ලබාදුන්නා .ඒ දවස් වලත් සියළු රාජකාරි කටයුතුවලට මා යොදාගත්තේ මේ පාපැදිය. ලග්ගල විල්ගමුව ප්ර දේශයේ වසර 2ක් රාජකාරි කරද්දිත් භාවිතා කළේ මේ පාපැදිය .
ඊට පස්සේ බදුල්ල තරුණසේවා නිලධාරියා ලෙස කටයුතු කරද්දි මම බදුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්රී වුනා , ඊට පස්සේ නගරාධිපතිවුනා .මගේ නිලය සඳහා සුඛෝපභෝගි වාහනයක් ලැබී තිබෙනවා නමුත් තවමත් භාවිතා කරන්නේ මේ පාපැදිය .
උදෙන්ම නැගිටලා මගේ ක්ෂේත්ර කටයුතු වලට යාම සදහා පාපැදිය පැදගෙනයන එක හරිම සතුටින් කරනවා . මොකද ශරීර සෞඛයටත් හොඳයි.
ඉන්ධනමිල අධික ලෙස ඉහළගොස් තිබෙන මේ දවස් ගැන කතාකරද්දි විශාල මුදලක් රජයට ඉතිරිකර දීමට පුළුවන් වීම ගැන මා සතුටුවෙනවා . මෙම මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමා , ඉංජිනේරු තුමා සහ තවත් කීපදෙනෙක්ම පාපැදිය භාවිතා කරමින් ඉන්ධන සඳහා වැය කළ විශාල මුදලක් රජයට ඉතිරිකර දෙනවා .මේක අනෙක් රාජ්ය ආයතනවලත් පූර්වාදර්ශයක් කියල මා හිතනවායැයිද පැවසීය .
නාගරික කොමසාරිස් ජගත් ප්රියශාන්ත ආරියරත්න මහතා,
මම මෑතක ඉඳල පාපැදිය පදිනවා .වෙනදා මගේ නිලවාහනයට ඉන්ධන සඳහා වැයකළ විශාල මුදලක් රජයට ඉතිරිකර දීමට හැකිවීම ගැන මා සතුටුවෙනවා. වෙනදා දිනකට ඉන්ධන ලීටර් 30 ක් අනිවාර්යයෙන්ම වැය වුනා .දැන් පාපැදිය මගේ රාජකාරි ගමන්වලටත් යොදාගන්නවා .
ඇගටත් හොදයි . අපේ ආයතනයේ ඉංජිනේරුවරයා සහ තවත් කීපදෙනෙක්ම දැන් ගමනා ගමන කටයුතු සඳහා පාපැදි භාවිතයට හුරුවෙලා තියෙනවා යැයිද ආරියරත්න මහතා පැවසීය .
බදුල්ලේ පාලිත ආරියවංශ

