මඩ සෝදා ගත් කල රජ කමට සුදුසු ගොවියා මේ මොහොතේ හිඟනුන් බවට පත් කර තිබෙන බව පවසමින් සහ, ගොයම බාලවී අස්වැන්න අඩුවීම හේතුවෙන් ණය වලට මැදිවී සිටින තමන් ඇතුළු මහවිලච්චියේ ගොවි ජනතාවට සිංහල අවුරුද්දට පෙර වහා සහනයක් ලබා දෙන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ගොවි සංවිධානයක සභාපතිවරයෙකු ඊයේ (31දා) විරෝධතාවයක නිරත විය.
මහවිලච්චිය ව්‍යාපාරයේ වසඹ ගොවි සංවිධානයේ සභාපති ආර්.අනුර බණ්ඩාර යන අය මෙම විරෝධතාවයේ නිරත විය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ කීය.
කාබනික පොහොර ලබා දෙනවා කියලා මහ කන්නේ ගොවිතැන් කටයුතු ආරම්භ කළා. ඊට පස්සේ අපිට හම්බ වුනේ එක පොහොර වර්ගයයි. ඊට පස්සේ මේ ගොල්ලෝ කිව්වා පාඩු වෙන සෑම කුඹුරු අක්කරයකටම වන්දි ලබා දෙනවා කියලා. එත කොට ඉදිරියට එන්නේ සිංහල අලුත් අවුරුද්ද, අපිට කුඹුරු අක්කරයක් අස්වද්දන්න රුපියල් 70500 ක මුදලක් වැය වුණා එකෙන් බද්ද දුන්නට පස්සේ ලැබුණේ වී බුසල් විස්සයි, එතකොට මේ බුසල් විස්සේ වී කිලෝ තියෙන්නෙ හාරසිය විස්සයි. රුපියල් 85ක මුදල්කට තමයි අපි මේ වී විකුණුවෙ.
ඒක විකුණලා අපිට ලැබෙන්නෙ 34800ක මුදලක් එත කොට අපිට ලොකු මුදලක් පාඩු වෙනවා.
ඉතින් මේ අවුරුද්දේ දරු පැටවුන්ට අලුත් පොත්පත් අරන් දෙන්න, අලුත් ඇඳුමක් අරන් දෙන්න, කඩේ තියෙන ණය බිල ගෙවන්න වත් මොනවත් කර ගන්න විදිහක් නැහැ. තවත් ණය වෙන්ඩ වෙලා තියෙනවා. ඉතින් මේ දෙනවා කියන වන්දි මුදල වත් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා ලබා දෙන්න කියලා තමයි මේ ඉල්ලන්නේ.
මහ විලච්චිය ව්‍යාපාරයේ ඊළඟ කන්නයට අප්‍රේල් 15 ජලය නිකුත් කරනවා. මේ වෙන කොට විලච්චිය ව්‍යාපාරයටම තියෙන එකම පිරවුම්හලේ ඩීසල් නැහැ, පෙට්‍රල් නැහැ, භූමිතෙල් නැහැ, හමුදාව පමණක් ඉන්නවා.අපි කොහොමද කුඹුරු කරන්නේ බලධාරීන්ගේ ඇස් ඇරේවා.

