ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා 1991.05.21 දින ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වසර 33 ක් සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු එරටින් පිටුවහල් කර 04/03 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් අතර 62 හැවිරිදි ශන්මුගලිංගම් ජයකුමාර , 53 හැවිරිදි වෙන්ට්‍රිවල් ශ්‍රී කරන් හෙවත් මුරුගන් සහ 53 හැවිරිදි බාලසුන්දරම් රොබට් පයස් යන අය සිටින අතර ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් 04/03 දින දහවල් 11.03 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර මත මෙරටට එවා තිබුණි .
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාගේ ඝාතනයට සම්බන්ධ වීමේ චෝදනාව මත වසර 33 ක් සිර දඩුවම් විදීමෙන් පසුව 2022 නොවැම්බර් මස 11 දින නිදහස ලබා තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචිනාපොලි විශේෂ කදවුරේ ද රදවා තබා ගැනීමෙන් පසුව 04/03 දින මෙසේ ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබේ .
ගුවන් යානයෙන් බැස ආ මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ .
මොවුන් තිදෙනා ඉන්දියාවට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පළා ගොස් තිබූ බැවින් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
ඒ අනුව මොවුන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , මොවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, රොබට් පායාස් සහ ජයකුමාර් යන ශ්‍රී ලාංකිකයින් තිදෙනා රඳවා සිටි විශේෂ කඳවුරෙන්ද ඊයේ (02දා) රාත්‍රී නිදහස් කර තිබේ.
ඔවුන් මීට පෙර සිරෙන් නිදහස් කර තිබූ අතර පසුව විශේෂ කඳවුරක රඳවා තිබුණි.
ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට එවීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් අවසන් අවසරය ලැබීමෙන් පසු, විශේෂ කඳවුර පවත්වාගෙන යන ආදායම් දෙපාර්තමේන්තුව ඔවුන් නිදහස් කළේය.
ඔවුන්ව දැඩි ආරක්ෂාව මධ්‍යයේ පොලිස් වාහනයකින් චෙන්නායි වෙත රැගෙන ගොස් ඇති අතර පසුව ඔවුන්ව කොළඹට පිටත් කළේය.
රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් පසුගියදා රජිව් ගාන්ධි රෝහලේදිම ජීවිතක්ෂයට පත්විය.