Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා
2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා
රජරට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට හා අංශ ප්‍රධානීන්ට ලබාදුන් රඳවා ගැනීමේ දීමනාව ඉවත් කිරීමට එරෙහිව එහි වෛද්‍ය පිඨයේ පීඨාධිපති තනතුර ඇතුළු ආචාර්යවරුන් සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
උපකුලපතිවරයා විසින් මෙම දීමනාව අහිමි කර තිබෙන බවත්, මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සති තුනක් පුරා සාකච්ඡා කළ බවත් හෙතෙම පවසා සිටියේය.
එම සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් උපකුලපති තනතුර හැර වෛද්‍ය පීඨයේ පවතින තනතුරුවල සේවය කරන සියලු දෙනා අද (09දා) දහවල් 12 තනතුරුවලින් ඉවත් වූ බවත්, ගැටලු විසඳනතෙක් ඉගැන්වීම් කටයුතු අකුරට සිදු කිරීමට තීරණය කළ බවත් හෙතෙම පවසා සිටියේය.
විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක පවතින සියලු තනතුරුවලින් ඉල්ලා අස් වූ ප්‍රථම අවස්ථාව මෙය බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
popular news
rocky Tuesday, 09 October 2018 06:23 PM
පුරප්පාඩු වුන තනතුරු වලට ඇමතිවරුන්ගේ උපදේශකයන් සහ ඇම්බැට්ටයන් පත් කිරීම සුදුසුය!
Reply : 0 2
Champa Tuesday, 09 October 2018 06:34 PM
ආචාර්යවරු වාර්තා තියන්න හිතන කොට ඉගෙන ගන්න දරුවන්ට මේකෙන් වෙන බලපෑම එහෙම කොහොමද?
Reply : 1 2
විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්ත ලමයෙක් Wednesday, 10 October 2018 10:10 AM
ඒක නිසා තමයි, අකුරටම අධ්‍යාපන කටයුතු කරනවයි කියලා කියන්නේ. කිසි හානියක් වෙන්නේ නෑ ඉගෙන ගන්න ලමයින්ට.
Reply : 0 2
සිසුවෙක් Wednesday, 10 October 2018 12:20 PM
අරගලයට ජය වේවා...! වෘතීය අයිතීන් වලට අරගල කිරීම වටී.. සමාජ අයිතීන් වෙනුවෙනුත් මෙලෙසම අරගල කිරීමට ආචාර්යවරු ඉදිරිපත් වන්නේනම් තවත් නියමයි. ජය!
Reply : 0 1
ase Wednesday, 10 October 2018 12:51 PM
"රඳවා ගැනීමේ දීමනාව" දෙවියනි මේ මොකක්ද ??
Reply : 7 1
siri Wednesday, 10 October 2018 01:41 PM
ජයසුමන කියන්නේ මහින්දගේ අම්බෙට්ටයෙක්. මෙයත් දේශපාලන නියයපත්රයේ කොටසක්ක්ද දන්නේ නැහැ.
Reply : 23 1
Champa Wednesday, 10 October 2018 03:32 PM
රඳවා ගැනීමේ දීමනාව කිව්වේ ඇත්තටම මොකක්ද?මට මතක ඉස්සෙල්ල මුලින් කියවන කොට මෙතන කියල තිබ්බේ දුෂ්කර දීමනාව කියල.
Reply : 0 0
දෙයියෝ Wednesday, 10 October 2018 05:25 PM
@Aseරජරට වෛද්‍ය පීටයේ ආචාර්ය හිඟය නිසා ඉන්න ආචාර්ය වරුන්ට අනෙක් පීට වල අචාර්ය වරුන් වගේ තුන් ගුණයක වැඩ කරන්න වෙලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය පීටයේ ආචාර්ය වරුන්ගේ පඩිය රජයේ රෝහලක වෛද්‍යවරයෙකුගේ පඩියට වඩා ගොඩක් අඩුයි. මේ අඩුව පුරවන්නයි මේ දීමනාව දෙන්නේ පිංවත....
Reply : 1 39
BAT Wednesday, 10 October 2018 09:07 PM
රජරට වෛද්‍ය පීටයේ එක කණ්ඩායමක (බැච් එකක) සිසුන් 180 ඉන්නවා (කොළඹ සහ පේරාදෙණියට පසුව වෛද්‍ය පීටයකට ගන්නා වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව ). නමුත් උගන්නන්න ඉන්නේ අවශ්‍ය ආචාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක් පමණයි. ලංකාවේ වෛද්‍ය පීට වල එක ආචාර්ය වරයෙකුට වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉන්නේ රජරට (ජපුර, රාගම සහ කොළඹ පීට වලට වඩා තුන් ගුණයක් ). නිසා ඉන්න ආචාර්ය වරුන්ට ඉතා වැඩිපුර වැඩ කරන්න වෙනවා. සමහර දෙපාර්තමේන්තු වල නියමිත ප්‍රමාණයට වඩා හතර ගුණයක් වැඩ කරනවා. ආචාර්යවරුන්ට (ඔවුනුත් වෛද්‍යවරු) ඇති වැටුප රජයේ වෛද්‍යවරුන්ට තිබෙන වැටුපට වඩා අඩුයි . මේ නිසා වෛද්‍යවරු ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න අකමැතියි. ඉන්න අයත් රට යන්න හරි නැවත සෞඛ්‍ය අමාත්‍යංශයට යන්න හරි බලනවා. මේ දීමනාව ගෙවන්නේ, දැනට පුරප්පාඩු තියෙන තනතුරු වලට වෙන්කරන මුදලෙන්. මේ සියළු ප්‍රශ්ණ මැද්දේ ආචාර්ය මණ්ඩලය ශිෂ්‍යයන්ට හොඳින් උගන්වනවා . පසුගිය අවසන් වසර විභාගයෙන් රජරට ශිෂ්‍යයන් ගේ ප්‍රතිපල දෙවැනි උනේ කොළඹ සහ පේරාදෙණියට පමණයි. එක් කථිකාචාර්ය වරයෙකු වසරකට එළිදක්වන අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව අතින් වැඩිම පර්යේෂණ දායකත්වයක් රටට දක්වන වෛද්‍ය පීටය රජරටයි
Reply : 0 0
Maanaabharana Friday, 12 October 2018 11:50 PM
මේ පීටාදිපතිය මොකෙක්ද ? ඔහුට තම සහෝදර ආචාර්යවරුනට වඩා ආණ්ඩුව ලොකු බව පෙනේ. නියම බදගොස්තරයෙකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd