හොරොව්පතාන ලංගම ඩිපෝවේ රියැදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකු ට පහරදීම හේතුවෙන් රජරට ප්‍රාදේශීකයේ ලංගම ඩිපෝ 7 අද දිනයේ ධාවනයෙන් ඉවත්ව ඇති බවත් මේ වන විට රජරට ප්‍රාදේශිකය තුළ බස් රට 400 හාරසියයකට ආසන්න ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්ව ඇති බව කහටගස්දිගිලිය ඩිපෝව කළමනාකාර මහින්ද කුමාර විජය බණ්ඩාර මහතා පවසයි.
මෙලෙස ලංගම ඩිපෝ ධාවනයෙන් ඉවත් වී ඇත්තේ පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථවල ධාවන කාල සීමාවන් තුළ ගෝමරන්කඩවල සිට නුවර බලා නව ධාවන බලපත්‍රයක් ලබාගෙන මෙම පෞද්ගලික බස් රථය ලංගම බස් රථ ධාවනය කරවන කාලසීමාව තුළදී ධාවනය කිරීමේ හේතුවෙන් මේ පිළිබඳ විමසීමට ලංගම බස් රථයක රියදුරු සහ කොන්දොස්තර ඒ පෞද්ගලික බස් හිමියන් ගෙන් විමසු අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමකින් ලංගම බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තර පහරදීමත් හොරොව්පතාන පොලිසිය විසින් සිද්ධිය වූ 29 දිනයේ දී සැකකරුවන් අඩංගුවට නොගැනීමත් හේතු කරගෙන මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව හොරෝපතාන ලංගම ඩිපෝ කළමනාකාරවරයා පවසයි
මෙලෙස මෙම රියදුරුට සහ කොන්දොස්තර වරයාට පහර දී ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මැර කණ්ඩායමක් බව ඩිපෝ කළමණාකාරවරයා පවසයි.එමෙන්ම පහර කෑ රියදුරු බරපතළ තත්වයේ පසු වූ බැවින් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වන විට එම රියදුරු රෝහලෙන් බැහැරකර ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොන්දොස්තරවරයා තවමත් හොරෝපතාන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් එහෙත් මේ වන තෙක් හොරොව්පොතාන පොලිසිය මගින් මෙම රියැදුරුට සහ කොන්දොස්තර වරයාට පහරදුන් මැර කණ්ඩායම අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන මෙම ගැටළුවට සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ඩිපෝ කළමණාකාරවරයා පවසයි.
සිඩ්නි රුවන්