2020 වසරේ මාර්තු මාසයේදී පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සීඝ්‍ර මූල්‍ය පහසුකමක් ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා පවත්වා ඇති බවත් එම ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ප්‍රතික්ෂේප කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂද සිල්වා මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව සඳහන් කරමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව අද පැවැති කෝප් කමිටු රැස්විමේදී හෙළිවූ බව ඔහු පැවැසීය.
එසේම නැවතවරක් 2020 වසරේ මැද භාගයේදී නැවතවරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වැඩසටහනකට යන ලෙස සඳහන් කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එවක හිටපු පාලකයන් මේ බව රටටත්, ජනතාවටත්, පාර්ලිමේන්තුවට වසන් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එසේම බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් විශාල අර්බුදයට රට යන බවට නිලධාරීන් හෙළිකර තිබුණත් එවක සිටි දේශපාලන අධිකාරිය හා දේශපාලන පත්විම් ලැබූ පුද්ගලයින් ඒවා ප්‍රතික්ෂේප කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.