රජය වෙනස්වන තෙක් මහබැංකු බැඳුම්කර සිදුවීමට දඬුවම් කරන්න ලැබෙන්නේ නෑ - ජනපති
මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (27දා) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
මහබැංකු මංකොල්ලය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ ප්‍රධාන නිර්දේශයක් වන වෝහාරික විගණනය තවමත් ආරම්භ වී හෝ නොමැති බවත්, එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ එක් වගන්තියක් වෙනස් කළ යුතු වුව ද, එය ද දිනෙන් දින අතපසු වූ බවද ජනපති සඳහන් කළේය.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ දී පවතින නීතිය අනුව කටයුතු කරන්නේ නම් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට වසර 15 -20 කාලයක් ගතවනු ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
එමෙන් ම 2015ට පෙර පැවති රජයේ වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම අදාළ ආයතනවල වගකීමක් බව ද ජනාධිපතිතුමා පැවසී ය.
එම කොමිෂම මෙන්ම මෙම ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳව සෙවීමට ද තමා පසුගියදා ජනාධිපති කොමිෂමක් පත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන්ගේම ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ එවන් කොමිෂමක් කිසිඳු රාජ්‍ය නායකයෙකු විසින් පත් කර නොමැති පැවැසීය.
සීමාවකින් තොරව සියලූ වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ එම කොමිෂමට මේ වන විට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බවත් අදාළ විනිසුරුවරුන් විසින් එම විමර්ශන කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරනු ඇති බවත් සඳහන් කළේය.
රජයට ලැබිය යුතු ආදායම විනාශ කරන දෙපාර්තමේන්තු කිහිපයක් අද පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවත් එම ආයතන පිළිබඳ කිසිවෙකු කතා නොකරන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින් ද අනාවරණයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Sam Wednesday, 27 February 2019 07:19 PM
හොරුන්ගේ හොරු , දිගටම බලයේ සීටීමට කරන උප්පරවැට්ටි , ජනතාව නොමග යැවීමට කරන මගඩි. ජනතාව දිගට රැවටීමට ඉඩ නොදිය යුතු
Reply : 0 1
chathuri Wednesday, 27 February 2019 08:41 PM
මහින්දට දඩුවම් දුන්නද. හොර නඩේට. පැරදිලා ගෙදර ගිහින්. අවුරුදු. කීයක්ද. . නටන්න බැරි. මිනිහට පොලොව. ඇදයි කියන්නේ. එකනේ. මෙහෙම. කිව්වම. ජනතාව මරුසිරා එක්ක. රට පාලනය කරන්න. දෙයි කියල හිතුවද . දෙපැත්ත. කොටවන්නේ. නැතිව. නියම පිරිමියෙක් වගේ කතා කරන්න.
Reply : 0 1
dhamneth Thursday, 28 February 2019 02:36 PM
පොදුපෙරමුනෙන් එලියට ආවේ හොරු එක්ක ඉන්න බැහැ කියා 2015දි බලය ලබාගත්තේ හොරු අල්ලන්න කියා බලයට ඇවිත් ටික කලකින් කිව,පොලිසිය තමන් බාරයේ නැති නිසා හොරු අල්ලන්න බැහැ කියා දැන් පොලිසියත් ඔබ තුමා බාරයේ.තවත් මොකක් හෝ අඩුවක් තිබෙනවද?.
Reply : 0 0
Champa Thursday, 28 February 2019 05:55 PM
2015දි කිව්වෙත් හොරු අල්ලන්න සහ හොරුන්ට දඬුවම් දෙන්න චන්දෙ දෙන්න කියලා. එතකොට හොරා මහින්ද. චන්දෙට ආවේ රනිල් එක්ක. දැන් ඊළඟ චන්දෙදිත් කියන්න හදන්නේ හොරු අල්ලන්න සහ හොරුන්ට දඬුවම් දෙන්න චන්දෙ දෙන්න කියලා. එතකොට හොරා රනිල්. චන්දෙට එන්නේ මහින්ද එක්ක. හොරු මාරු කරලා දැන්. මෙතුමා හිතා ඉන්නේ ලංකාවේ ඉන්නේ බුද්ධිමත් චන්දදායකයන් නෙමෙයි බත් කන හරක් කියල වෙන්නැති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

