රජය ලැජ්ජා විය යුතුයි
මෙරට වර්තමානයේ අවදාමට ලක් වූ ජනතාව සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් වර්තමාන රජය හා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ යුතු වුවත් ඔවුන් එවැන්නක්සි දු කර නොමැති බවත් එහෙත් එවැනි සමීක්ෂණයක් එක්සත් ජාතින්ගේ UNDP සංවිධානය හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සිදු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
නිසි සමීක්ෂණයකින් තොරව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් වත්මන් රජය අස්වැසුම වැනි වැඩසටහන් පවා ක්‍රියාත්මක කරන්නේ එවැනි විධිමත් සමීක්ෂණයකින් තොරව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙි නිසා සමාජය තුල මහා අවුල් ජාලයක් නිර්මාණය වී ඇති බවත් සවිබල නොවූ ජනතාව තුළ.වාද භේද පවා ඇතිව තිබෙන බවත් ඒ නිසා සමාජය තුළ අවුල් ජාලා ඇති වී රට කෑලි කැලිවලට බෙදන අවුල් ජාලාවක් බවට අස්වැසුම වැඩසටහන පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (31) එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් අප රට සම්බන්ධයෙන් සිදු කරන ලද Understanding Multidimensional Vulnerability Impact on People of Sri Lanka සමීක්ෂණ වාර්තාව විපක්ෂ නායකවරයාට බාර දිමට එම සමීක්ෂණය සිදු කළ පුද්ගලයන් පැමිණි අවස්ථාවේ දීය.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියෙ දරිද්‍රතාවයට විසදුමක් ලෙස අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වුවත් ඉන් පැහැදිලි විසදුමක් ලැබී නොමැති බවත් ඒ නිසා රට තුල බෙදිමක් ඇතිව තිබෙන බවත් ය.
එසෙම මේ බංකොලොත් රටෙි රජය විසින් හොරකම දූෂණය සිදු කරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පවා රටට බාල බෙහෙත් ගෙන්වූ බවට පිලිගත් බවත් රජයේ මුදල් යොදවා බාල බෙහෙත් රටට ගෙන්වීමට කටයුතු කල පුද්ගලයන් හෙලිදරව් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෞඛ්‍ය ඇමතිවයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ගෙනඑන විට ජාතික ඖෂධ නියාමන අදිකාරියේ සභාපති කට ඇරි නමුත් මෙතෙක් කල් නිහඩ වී සිටියේ ඇයිදකියා විමසන බවත් පැහැදිලිවම ජනාධිපතිවරයා පුමුඛ රජය ඊට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

popular news
-
LGPJ Sunday, 03 September 2023 01:37 AM
They are with enough dressing. for cool only.'
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

