වත්මන් රජයට තිබූ ජනවරම සහ ප්‍රසාදය මේ වන විට අඩු වෙමින් පවතින නිසා රට පුරා වත්මන් රජයේ පාලකයින් බොරු පොරොන්දු ලබා දෙමින් පවතින බව විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සංජිත් ප්‍රේමදාස මහතා (19) දින ඒ බැව් කියා සිටියේ සමගිජන බලවේගයෙන් නාවලපිටිය ප්‍රදේශයේ පළාත් පාලන ආයතන වලට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා නාවලපිටිය නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක ‘බොරුවට තිත සමගියට ජය” යන මැයෙන් පැවති රැස්වීමේදීය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් රජයේ අවිධිමත් පාලනය හමුවේ ජනතාවගේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි.
වත්මන් පාලකයින් විසින් රට තුළ බොරුව පතුරවමින් රට පාලනය කරන තත්වයකට පත් වී ඇති බවද පැවසීය.
මෙම රැස්වීම සමග්ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා විසින් සංවිධානය කර තිබූ අතර, එම රැස්වීමට මහනුවර දිස්ත්‍රික් පා.ම. රවුෆ් හකීම්, හිටපු පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල යන මහතුන්ද සහභාගි විය.