ණය උපකරණයක් ලෙස ශ්‍රි ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරිමට තීරණය කර තිබේ. මේ වන විට රට තුළට ප්‍රමාණවත් විදේශීය විනිමය ලැබෙමින් පවතින බැවින් හා ඒ අනුව දේශීය විදේශීය විනිමය වෙළඳපොළ ද්රවශීලතව ශක්තිමත් වි ඇති බැවින් ලංකාවේ වාණිජ බැංකු ඉලක්ක කර එම බැංකු වෙත විදේශ ව්‍යවහාර මුදල්වලින් ආයෝජනය සඳහා අවස්ථාව සලසා දෙමින් ශ්‍රී ලංකාව විසින් විදේශ ව්‍යවහාර මුදල්වලින් නාමනය කරන ලද දේශීය ණය උපකරණ නිකුත‘් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් 2025 අගෝස්තු මාසයේදී ආයෝජකයන්ගේ කැමැත්ත නිර්ණය කිරිම සඳහා පවත්වනු ලැබ අඇති වෙළඳපොළ සමීක්ෂණයක ප්‍රතිඵල අනුව වසරකට අඩු කාලයක සිට වසර 03ක කාලයක් දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් දක්වා විවිධ ප්‍රමාණවලින් ආයෝජනය කිරීමට ආයෝජකයන් උන්නදුවක් දක්වන බවට තහවුරු වී තිබේ.
ඒ අනුව කෙටිකාලීන ද්‍රවශීලතා උපකරණයක් ලෙස දැනට පවතින නෛතික රාමුව තුළ දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.