රජය තවත් රුපියල් බිලියන පන්දහසක ණයක් ගනියි
මේ වසර සඳහා රුපියල් බිලියන 4979 ක දළ ණය ගැනීමේ සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බව ප්‍රවාහන ,මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ් ඊයේ (03දා) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ඒක්වෙමිනි. මෙයින් රුපියල් බිලියන 3526 ක් දේශීය මූලාශ්‍ර වලින් හා රුත. බිලියන 1453 න් විදේශ මූලාශ්‍ර මගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම මෙහිදී පැවසීය.
මෙහිදී දේශීය ණය ප්‍රධාන වශයෙන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර විසින් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම මෙහිදී පැවසීය.
මේ සඳහා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සීමාව රු. මිලියන පන්දහසේ සිට හයදහස දක්වා වැඩි කිරිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද මෙහිදී හෙතෙම පැවසීය. මේ අතර පසුගිය මාර්තු මාසය අවසන් වද්දී ගෙවීමට ඇති මුළු භාණ්ඩාගාර බිල්පත් ශේෂය රුපියල් බිලියන 4636 ක් බවද මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
-
Athula Wednesday, 03 May 2023 12:18 PM
මෙයකා දන්නේ එදා සිට නය ගන්නයි විකුනන්නයි විතරයි එදා නය කන්දක් අරගෙන කරපු දෙයක් නැහැ නය විතරයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

