රජය කිසිම අවස්ථාවක දූෂණයට ඉඩ දෙන්නේ නෑ
රාජ්‍ය සේවයේ අති බහුතරයක් අදූෂිත, සොරකම් සිදු නොකරන හා එවන් කටයුතු සඳහා දායක නොවන බවත්, ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සුපිළිපන් රාජ්‍ය සේවයක් නිර්මාණය උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර කටයුතු ඒකකය සංවිධානය කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකය කාර්ය්යභාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.
සමස්තයක් ලෙස රට අද පවතින තත්ත්වයට පවත්වාගෙන යෑමට රාජ්‍ය සේවකයින් දක්වන ලද කැපවීම මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සුවිශේෂී ඇගැයීමකට ලක් වූ අතර, මෙතෙක් අත්පත් කරගත් ජයග්‍රහණ අභිබවමින් ජයග්‍රහණ ඉදිරියේ දී ලබා ගත හැකි බව ද අවධාරණය කරන ලදි.
රාජ්‍ය සේවාවේ බහුතරයක් දූෂිත නොවන බවත්, සොරකම් සිදු නොකරන හා එවන් කටයුතු සඳහා දායක නොවන බවත්, ඉතා සුළු පිරිසක් දුෂණ හා ඊට අදාළ චෝදනාවලට ලක්ව ඇති බවද අවධාරණය කරන ලදී.
මෙම දූෂිත සුළු පිරිස මුළු රාජ්‍ය සේවා පද්ධතියම දූෂිත බවට පෙන්වීමට කටයුතු සිදු කරන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවාවට එක්වන නිර්දූෂිත පිරිස දූෂිත සුළු පිරිස අතරට එක්කර ගැනීමට උත්සාහ කරන කරන බවද පැවසීය.
වර්තමාන රජය කිසිවිටෙකත් දූෂණයට ඉඩ නොතබන බවත්, දූෂණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් නොපොළඹවන බව ද පැවසූ අමාත්‍යවරයා මෙම වැඩසටහන ඉතා වැදගත්, හරවත් දැනුවත් කිරීමේ වැඩසටහනක් බවත් මෙි තුළින් දූෂිත නොවන ශක්තිමත් රාජ්‍ය සේවාවක් රට තුළ ස්ථාපිත කළ හැකි වනු ඇති බවද අවධාරණය කරන ලදී.
සාමූහිකව නිවැරදි තීන්දු ගැනීම, ගන්නා ලද තීන්දුවලට අදාළව සාමූහිකව වගකීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම, නිවැරදි පසු විපරම් ක්‍රියාවලිය ආයතන සාර්ථකත්වයට හේතුවන බවද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
