රජයේ ඉහළම ප්‍රමුඛතාව අධ්‍යාපනයයි - ජනපති
අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
පූර්ව ළමා විය සංවර්ධනය සහ ප්‍රාථමික අධ්‍යාපනය දරුවාගේ ජීවිතයේ වැදගත්ම අවධිය ලෙස සලකා විශේෂ අවධානය යොමු කළ යුතුයැයි එතුමා අවධාරණය කරයි.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (21) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳව මෙතෙක් නිසි අවධානයක් හෝ නියාමනයක් හෝ නොතිබිණ. එබැවින් ළමා අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයන්ගේ සහය ගෙන විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ජනාධිපතිතුමා කීය.
“නිදහස් මනසකින් අධ්‍යාපනය ලැබීමේ පසුබිම දරුවාට සකස් කර දීම සහ දරුවා නිරන්තරයෙන් ඇගයීම දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක්. මුදල් අය නොකරන පෙර පාසල්වල ගුරුවරුන්ට දීමනාවක් ගෙවීමට අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් අපහසුතාවයට පත් නොවන ආකාරයෙන් නියාමනය සහ පුහුණුව තවත් ඉලක්කයක්. පෙර පාසල් දරුවන්ට පූර්ව කුසලතා සංවර්ධනයට දේශීයව නිෂ්පාදිත උපාංග කට්ටලයක් ලබාදීමටත් අප සැලසුම් කළා. දිවයිනේ සියලු පාසල් සතු සම්පත් හඳුනාගෙන නිසි ලෙස කළමනාකරණය නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ ප්‍රධානතම වගකීමක්” ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජාතික සහ පළාත් පාසල්වල වගකීම්භාර නිලධාරීන් කාර්යාලවලට සීමා නොවී පාසල් වෙත ගොස් ගැටලු හඳුනාගෙන විසඳුම් දිය යුතුය. ගුරුවරුන් අධ්‍යාපන කාර්යාල වෙත එනවා වෙනුවට නිලධාරීන් පාසලට ගොස් ගුරු ගැටලුවලට විසඳුම් දීමේ ක්රමයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

popular news
- 
                            
rocky Tuesday, 22 September 2020 07:44 AM
daruwanta honda adhyaapanayak denna ona nam aayeth madhya widyaala kramaya athi karanna. wiswa widyaalawala hora mahaachaarya warun elawanna. tiyushan bisnas eka thahanam karanna. haamuduruwarunta guru pathweem nodenna.guruwarun hatiyata sahathike misa danumak nathi mottayan bandawaa noganna!
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                