"රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම දැන් ජීවත් වෙන්නේ, අද රජයේ සේවකයාට වඩා පොල් කඩන මනුස්සයත් ඉතා හොඳින් ජීවත් වෙනවා" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්ය. ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පැවැත්විණි.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වන අලි ගැටලු, කෘෂිකාර්මික ගැටලු ඇතුළු ගැටලු හා ඒවාට විසදුම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් සමඟ මෙහිදී සාකච්ජා කෙරිණි.
" රජයේ සේවකයෝ ලෙස ඔබතුමලාත්, අපි හැමෝමත් ඇත්තටම ඉන්නේ සතුටින් නෙමෙයි. තියෙන වියදම් එක්ක ගත්තාම, අඩුයි කියන්න කිසි දෙයක් නෑ, හැම දේම වැඩියි, ලයිට් ටිකද, වතුර ටිකද, ගෑස් ටිකද, ටියුෂන් පන්ති ගාස්තුද, ළමයින්ගේ පාසල් වියදම්ද, මේ හැම දේම ගණන් වැඩියි.
මේ වෙලාවේ ගත්තම රජයේ සේවකයෝ තමයි ඉතාමත් අසීරුවෙන්ම ජීවත් වෙන්නේ, අද ඔබතුමන්ලාට වඩා පොල් කඩන මනුස්සයෙක් ඉතා හොඳින් ජීවත් වෙනවා. මොකද එයා එයාගේ ගාන වැඩිකරගෙන තියෙනවා වියදමත් එක්ක, පොල්ගෙඩියේ ගාන වැඩි වෙලා තියෙනවා.
ඒ වගේම කම්කරුවගේ ගානේ ඉඳන්,මේසන් බාස්ගේ ගානේ ඉඳන් හැමදේම වැඩි වෙලා තියෙනවා, හැබැයි රජයේ සේවකයින්ට විතරයි තියෙන වියදමට ගැලපෙන පඩියක් ගලප්පගන්න බැරිව ඉන්නේ. ඒ නිසා මම දන්නවා රජයේ සේවකයින් බොහෝම අමාරුවෙන් ඉන්නේ. වෙනදා ජීවත් වෙච්ච විදිහටම ජීවත් වෙන්න බෑ, අපේ බොහෝ රාජ්‍යය සේවකයෝ වැටුප, බැංකු ණයට ගෙවලා, ඕ.ටී , බටා එකෙන් තමයි ජීවත් වුණේ.
එහෙම තමයි ජීවිකාව කරගෙන ගියේ, මේකට උත්තරයක් වෛරයෙන් හෙව්වොත් හම්බෙයිද? තරහෙන් උත්ත්රයක් හෙව්වොත් හම්බෙයිද? කවුරු හරි කිව්වොත් හෙට ගෑස් එකේ මිළ රුපියල් 100 කින් අඩු වෙනවා කිව්වොත් දැන් මේ තියෙන පඩිය ඇතිද ජීවත් වෙන්න? ඒත් මදි එහෙම නම් මොකක්ද අපි කරන්න ඕන, අපිට පඩි වැඩි කරන ක්‍රමයකට අපි යන්න ඕන.
අපේ පඩි වැඩිවෙන්න ඕන ඉස්සරහට, අපේ පඩි වෙන්න නම් ඉස්සරහට මේ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕන, පාඩු ලබන ආයතන ලාබ ලබන ආයතන බවට පත් වෙන්න ඕන, එදා තිබුණ හනමිටි අදහස් වලින් ඈත් වෙලා ඉස්සරහට යන්න ඕනකම තියෙනවා. දැන් සමහරු වැට් එකට භයේ ඉන්නවා, වැට් එකට භය වෙන්න ඕන නෑ,වැට් එක උප්පත්තියෙන් දුන්නත් වැට් එක ගෙවන්න වෙන්නේ ආදායමක් ලැබුවොත් විතරයි.
මේවා අපි ඔලුවෙන් නිදහස් කර ගන්න ඕන, හැබැයි අපිව රෑට භය කරනවා ටී.වී එකේ ඔන්න වැට් එක ආවා, ඔන්න ටින් එක ආවා, දැන් ඉවරයි කියලා. වැට්, ටින් නෙමෙයි තව මොනවා හරි ආවත්, ඒ අවශ්‍යය මට්ටමට ආදායමක් ලැබුනොත් විතරයි අපිට ගෙවන්න වෙන්නේ.
ඒ ක්‍රමවේද නාව නිසා තමයි මෙච්චර කාළයකට මේ රට දුප්පත් වුණේ, ගෙවන්න ඕන මිනිහා නොගෙවා හිටියා සමහර ව්‍යාපාරිකයෝ වංචා කළා, ආදායම් ලබන මිනිස්සු නොගෙවා හිටියා, හැබැයි අපේ රටේ මේ ක්‍රමය ආවා නම් මීට අවුරුදු 20 කට කලින්, අපි හැමෝම උපදින කොටම, හැදුනුම්පත වෙන්න පුලුවන, වැට් එක වෙන්න පුලුවන්, ටින් එක වෙන්න පුලුවන්, ගහන්න පුලුවන් හැම එකම උප්පත්තියේ ඉඳන් ගැහුවා නම් අපි හැමෝම එක සිස්ටම් එකකට ගිහින්."