රජයේ සේවකයන්ට රට යන්න ඕනනම් ලියාපදිංචි වෙන්න
විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සදහා වන කඩිනම් වැඩසහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ඇමැතිවරයා පැවසුවේය.
රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.
රාජ්‍ය සේවකයින් විදේශ ගත කිරීමේදී, ඔවුන්ට අවශ්‍ය රැකියා අවස්ථාවන් සොයා ගැනීමේදී විදේශ රැකියා නියෝජිතආයතන සදහා විශාල කාර්යභාරයක් පැවරෙන බවද, විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සමග අද උදෑසන පැවති සාකච්ඡාවකදී ඇමැතිවරයා කීවේය.
popular news
-
ටීකේ කලන චින්තක Tuesday, 13 September 2022 08:12 AM
මම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවෙ සේවය කරන සෙබලෙකු වන අතර මාහට විදෙස් රැකියාවක් කිරිමට අවඅවශ්යතාවයක් ඇති බැවින් ඇවසි කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

