2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සැප්තැම්බර් 14 වනදා සිට ඊට අදාළ අයදුම්පත් භාර ගන්නා බවය.
අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අලෙවිය සඳහා අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවද ඒ මහතා තවදුරටත් පැවසුවේය.