රජයේ වියදම් සීමා කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මේ අනුව රජයේ වියදම් සීමා කිරීම පිළිබඳව භාණ්ඩාගාරය මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛය දැඩිව පිලිපදින ලෙස ද එයින් දැනුම් දී ඇත.
රජයේ කාර්යාල සඳහා නව ගොඩනැගිලි කුලියට ගැනීම හෝ නව කුලී හෝ බදු ගිවිසුම් වලට එළඹීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීම,
රජයේ අවශ්‍යතා සඳහා වන වාහන සඳහා පවතින ගිවිසුම් දීර්ඝ කිරීමට පෙර මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබා ගත යුතු වීම,
කඩදාසි භාවිතය හැකිතාක් අඩු කර ඒ වෙනුවට විද්‍යුත් සන්නිවේදනයට මාරු වීම,
රාජ්‍ය ආයතන වල ඉන්ධන,විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇතුළු සේවා භාවිතය සම්බන්ධයෙන් දැඩි පාලනයක් පවත්වාගෙන යාම යන කරුණු මේ හරහා ඉදිරිපත් කර තිබේ.