රජයේ ව්‍යාපාර සඳහා රජය ඇපවී නොගෙවූ ණය ප්‍රමාණය රු. බිලියන 1080
රජය සතු ව්‍යවසායයන් සදහා රජය විසින් ඇපවන ලද පියවා නොමැතිව ඉතිරිව ඇති ණය ප්‍රමණයේ වටිනාකම 2025 වර්ෂය අවසන්වනවිට රුපියල් බිලියන 1,080.18 පමණ වන බැව් මුදල් අමාත්‍යංශය විසින් 2027 වර්ෂයට අදාළව ඉදිරිපත්කොට ඇති මුල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයේ සදහන් වේ.
එම ණය ප්‍රමාණය පසුගිය වසර තුනෙහි දලදේශිය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් වශයෙන් ගත්කළ සියයට 3.59ක් බවද මෙම වාර්තාවේ සදහන් වේ.
මින් විශාලතම පියවා නොමැතිව ඇති ඇපකර ණය ප්‍රමාණය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතන මගින් වාර්තාවේ. ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහා පියවා නොමැතිව ඇති ඇපකර ණය ප්‍රමාණය රුපියල් බිලියන 237.69කි. මාර්ග සංවර්ධන අධිකාරිය සදහා නොපියවු ඇපකර ප්‍රමාණය රුපියල් බිලියන 209.46කි. ශ්‍රි ලංකා මහබැංකුව වෙත ලබා දි ඇති නොපියවු ඇපකර ප්‍රමාණය රුපියල් බිලියන 201.94කි.
මෙම නොපියවු ඇපකර ප්‍රමාණය ඇපකර යටතේ ලබාගත් සමස්ත නොපියවු ණය ප්‍රමාණයෙන් ආසන්න වශයෙන් සියයට 60ක් පමණ වන බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

