රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම ධූරයේ වැඩබාර ගත්තේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත් කිරීම කර තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා ජීව විද්‍යා උපාධිධාරියෙකි.
විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවකු ලෙස වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්රයේ දශක තුනකට වැඩි කාලයක් පුවත්පත් සම කර්තෘ ධුරය ඇතුළු වගකීම් සහගත තනතුරු රැසක හසල අත්දැකීම් ලබා ඇති මාධ්‍යවේදියෙකි.