දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් අනෙකුත් ආයතනවල සේවය කරන නිලධාරීන් සිදුකරන අකටයුතුකම් පිළිබඳව 1905 කෙටි දුරකථන අංකය මගින් ජනතාවට පැමිණිලි කළ හැකි බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම දුරකථන අංකයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් යුත් කණ්ඩායමක්ද පත්කර තිබෙන බව එම අමත්‍යාංශය පෙන්වා දෙයි.
මීට අමතරව මේ වන විටලැබී තිබෙන පැමිණිලි පිළිබඳව කඩිනමින් විමර්ශනය කර අදාළ තීන්දු තීරණ ගන්නා ලෙසට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ලැබෙන පැමිණිලි විමර්ශනය කිරීම පමා වීම තුළින්චෝදනා එල්ලවන නිලධාරීන්ට හා පැමිණිලි ඉදිරිපත් කරන ජනතාවටත් අසාධාරණයක් සිදුවන නිසා රාජ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබා දී තිබෙන බව රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ප්‍රාදේශීයලේකම් කාර්යාලවල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පවතින පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමටත් රාජ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙන අතර මේ අනුව දැනට සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙන තනතුරුවලට අදාළව තෝරාගෙන සිටින පිරිස් පුරප්පාඩු සඳහා කඩිනමින් බඳවා ගන්නා ලෙසටත් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.