රජයේ රෝහලක භාවිතා කල බවට සැක කෙරෙන ඖෂධ තොගයක් හැටන් ෆෘට්හීල් වතු යායේ බැහැර කර තිබියදි ඊයේ (26) දින පස්වරුවේ සොයා ගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසීය.
හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ අභියස පිහිටි හැටන් ෆෘට්හීල් වත්තට පිවිසෙන මාර්ගයේ තේ වත්තේ ඖෂධ තොගයක් ඇති බවට වතු පාලන අධිකාරිය මගින් පොලිසිය වෙත ලබාදුන් තොරතුරක් මත හැටන් අපරාධ පරික්ෂණාගාර නිළධාරින් ලවා විමර්ශණයක් සිදු කර එම ඖෂධ තොගය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා පොලිස් භාරයට ගත් බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
පොලිස් භාරයට ගැණුනු ඖෂධ තොගය කල් ඉකුත් වූ ඖෂධ තොගයක් බවත්, එම ඖෂධ තොගය මලු දෙකක දමා තේ වත්තට බැහැර කර තිබූ බවත්, එම ඖෂධ තොගය තුළ අලෙවි කිරිම තහනම් සදහන් ලේබල් කිහිපයක් සහ නුවරඑලිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නම සදහන් මුද්‍රණය කරන ලද බෙහෙත් කවරයක්ද එය තුළ තිබි හමු වූ බවයි මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.
රජයේ කල් ඉකුත් වූ ඖෂධ බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් තිබියදි එම ඖෂධ තොගය තේ වත්තකට බැහැර කිරිම සම්බන්ධයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුනු වාර්ථා කරන ලෙස නුවරඑලිය ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාට අධිකරණය හරහා නියෝගයක් නිකුත් කිරිමට කටයුතු කරන බවද හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා තව දුරටත් පැවසීය.

