රජයේ ඉඩම් බැහැර කිරීමේ කටයුතු මූලිකවම ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
දැනට මහවැලි සංවර්ධන අධිකාරියේ ඉඩම් බැහැර කිරිමේ බලතල මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා සතුව පවතී.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත අයිති ඉඩම් බැහැර කිරිමේ බලතල එම කොමිෂන් සභාව සතු වෙයි.
මෙම ආයතන දෙකද ඇතුළුව රජයේ ඉඩම් බැහැර කිරීමට අදාළ මූලික කටයුතු ප්‍රා දේශීය ලේකම්වරු හරහා පමණක් සිදුකිරීමට නියමිතය.
මේ සඳහා නව නීති ඇතුළත් ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට මේ යටතේ ඉල්ලීම් කර තිබේ.