ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය ජාතියේ යහපත සඳහා යොදාගත යුතුව ඇති බවත්, ඒ සඳහා වන ක්‍රමවේදය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබෙන බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති, පා.ම. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රාජ්‍ය යාන්ත්‍රණයේ මෙන්ම පෞද්ගලික යාන්ත්‍රණයේ සිටින අයටද ලැබෙන පහසුකම් එක සමාන විය යුතු බවත් එසේ සමාන පහසුකම් ලැබෙන්නේ නම් අනාගතයේදී බොහෝ දෙනෙක් රාජ්‍ය යාන්ත්රණයට ඇතුල් වීමට උත්සහ නොගන්නා බවත් හෙතෙම පැවසීය.
වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ අද (26) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින්ය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“රාජ්‍ය යාන්ත්‍රණයත්, පෞද්ගලික යාන්ත්‍රණයත් ගත්තම පෞද්ගලික අංශයේ ලක්ෂ 60 ක් 70 ක්, රාජ්‍ය යාන්ත්‍රණයේ ලක්ෂ 17 ක් 18 ක් පමණ සිටිනවා. මේ දෙපාර්ශවයම ශ්‍රි ලංකාවේ යහපත සදහා අවශ්‍යයි. රාජ්‍ය යාන්ත්‍රණයෙන් යන බොහේ දෙනා ගිහින් පෞද්ගලික යාන්ත්‍රණය වේගයෙන් ධාවනය කරනවා වෙනත් විදියකට.
ඇත්තවශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය නොවේ, පුද්ගලික ආයතනයක මේ ආයතනයේ හරි සේවක සංඛාව වැඩි නම් ඒ සේවකයට වෙනත් ස්ථානයක් සොයා දිය යුතුයි. යම් යම් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණයේ පළපුරුදු කණ්ඩායම්වලට විවිධ ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍යයි. රාජ්‍ය යාන්ත්‍රණයෙත් පුද්ගලික යාන්ත්‍රණයෙත් එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා කල්පනා කරලා තිබෙනවා. එතුමා ඒකට ගැළපෙන යම් යම් කාරණා ප්‍රතිපත්තිමය වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. රාජ්‍ය යාන්ත්රණයට බොහෝ දෙනා එන්නෙ කරුණු දෙකක් උඩ. එකක් මිය යන තුරු තිබෙන ස්ථාවරත්වය. අනෙක් කාරණය තමයි සමහර අය හිතනවා වැඩ කළත් එකයි නොකළත් එකයි කියලා.
ඉතින් ඒ නිසා රාජ්‍ය යාන්ත්‍රණය ජාතියේ යහපත සඳහා යොදා ගත යුතුව තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලාංකික සියලු පුරවැසියන්ට මරණ මංචකය දක්වා ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍ය කරලා තිබෙනවා. මට පේනවා ඒ ගැන ජනාධිපති තුමාගේ සැලැස්මක් තිබෙනවා, අපි එතැනට ගියොත් අනාගතයේදී කවුරුවත් රාජ්‍ය යාන්ත්රණයට ඇතුල් වෙන්න උත්සාහ කරන එකක් නෑ. ඉතින් එතැනට යනකල් මේ සැකයෙන් දේශපාලනය කරන්නත් එපා කියන එකයි මට කියන්න තියෙන්නේ. මේක දේශපාලනයට සම්බන්ධ කරගන්න එපා. මේක ජාතියේ යහපත සඳහා කල්පනා කළොත් හොඳයි කියන එකයි කියන්න තියෙන්නේ.
රාජ්‍ය යාන්ත්රණයට යම්කිසි පරිවර්තනයක් අවශ්‍යයි. ඔහු මෙතැනින් ගියත් තව තැනක සේවකයෙක් වෙයි. ඔහු තව තැනක සේවකයෙක් වෙන්න නම් ආර්ථිකයේ වෙනස් කමක් අවශ්‍ය වෙයි. ඔහු මෙතැනින් යන්නේ ජීවත් වීමේ ස්ථානයක් සඳහා නම් ඔහු රාජ්‍ය යාන්ත්‍රණයේ හිටියත් පුද්ගලික යාන්ත්‍රණයේ හිටියත් ඒකෙ වෙනසක් සිදු වෙන්නෙ නෑ. ඒ අතරේ අපිට ඉතිහාසය පුරා චක්‍රලේඛන ගොඩක් තිබෙනවා නිකුත් කරපු. ලෝකයේ රටවල ගිහිල්ලා සේවය කරන්න පුලුවන් ආපහු ආවම ඔහුට සුරක්ෂිත භාවය ඇතිකරන්න පුලුවන්. ඒ අතරේ කැමැත්තෙන් ගිහිල්ලා පුද්ගලික අංශයට ඇතුල්වෙන්න අවස්ථාව ලබා දෙන්නත් පුලුවන්. ඉතින් ජාතියේ යහපත සඳහා ගත යුතු තීන්දු තිබෙනවා. එ්වා අපි බය නැතිව ගත යුතුයි.”