රජයට පැවරුණු වගකීම ඉටු කරනවා - ජනතාවට පැවරුන වගකීම නිසි පරිදි ඉටු කරන්න
රජයක් ලෙස පැවරුණු වගකීම රට ගොඩනගා ගැනීම වෙනුවෙන් යොදා ගන්නා බවට සඵත කරන බවත්, එමෙන්ම ජනතාවට පැවරී තිබෙන කාර්ය සහ වගකීම නිසි පරිදි ඉටු කරන ලෙස ජනතාවට සඳහන් කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීමේ සහ විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අද (21දා) පෙරවරුවේ එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“අපි අපේ මාතෘ භූමිය යළි ගොඩනැගිය යුතුයි. පැති ගණනාවකින් අපේ මාතෘ භූමිය තර්ජනයට මුහුණ දී තිබෙනවා. එක පසකින් අපේ රාජ්‍ය යාන්ත්‍රණය අබල දුබල වී බිඳ වැටෙමින් තිබු යුගයක් තිබුණා.අපේ ආර්ථිකය විශාල ලෙස අභියෝගයට ලක්ව කඩා වැටෙමින් තිබු යුගයක් තිබුණා. අපේ සමාජයේ යහපැවැත්ම මුළු මනින්ම බිඳ වැටෙමින් තිබු යුගයක් තිබුණා. මිනිස් සබඳතා වටිනාකමක් නොමැති සබඳතාවන් බවට පත් වෙමින් තිබුණා. දෙමාපියන් සහ දරුවන් අතර සබඳතාව බිඳ වැටෙන්න පටන් ගත්තා. ගුරුවරුන් සහ දරුවන් අතර සබඳතා බිඳ වැටෙන්න පටන් ගත්තා. ආගමික සංස්ථාවන් සහ දායක සභාවෙන් අතර සබඳතාවන් බිඳ වැටෙන්න පටන් ගත්තා.
අපේ රට සියලු මානව සබඳතා බිඳ වැටුණු රාජ්‍යයන් බවට පත් වන යුගයක් ඇති වෙමින් තිබුණා. එහිදී අප වෙත පැවරී ඇති වගකීම කුමක්ද, අපි ඓතිහාසික උරුමයන් සහ ඓතිහාසික ජයග්රහණයන් තිබෙන මාතෘ භූමියක්. එහෙත් අපේ රට සියලු ආකාරයේ බිඳ වැටීම්වලට ලක්ව තිබුණා. දැන් අප මත පැවරී ඇති වගකීම වන්නේ මේ මාතෘභූමිය ලෝකයේ උසස්, වටිනාකම් සහ ඇගයීම්වලට ලක්වන රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. එහිදී අපි එකිනෙකා වෙත පැවරී ඇති වගකිම් තිබෙනවා. ජනාධිපතිවරයා ලෙස සහ ආණ්ඩුව ලෙස අපට පැවරී තිබෙන වගකීමක් තිබෙනවා. ආර්ථිකය ගොඩනැගීම සහ ඒ අවශ්‍ය යාන්ත්‍රණය සකස් කිරීම, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම, දේශපාලනය හුදු මහජනයාගේ ධනය එක් රැස් කර ගන්නා වෘත්තික සිට මහජනයා සමග සමීපව කටයුතු කරන දේශපාලන සංස්කෘතියක් බවට පරිවර්තනය කිරීමේ වගකීම අපිට තිබෙනවා.දේශපාලනය මහ ජනයාගේ ධනය එක් රැස් කරන වෘත්තියක් නොවෙයි, මහජනතාවට සේවය කරන වෘත්තියක් බවට පත් කිරීම ආදී වගකීම් අපිට පැවරී තිබෙනවා.
ඔබටත් ඒ හා සමාන වගකීම් පැවරී තිබෙනවා. මෙහි එක් රැස්ව සිටින දෙමාපියන්ට අපේ රට පිළිබඳ වගකීම් පැවරී තිබෙනවා. අපේ ආගමික සංස්ථාවන්ට වගකීම් පැවරී තිබෙනවා. මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ අපි එකිනෙකාට එරෙහිව කටයුතු කිරීමෙන් හෝ සැකයෙන් සහ අවිශ්වාසයෙන් බැලීමෙන් නොවෙයි. අපිට රටක් ලෙස ඉදිරියට යා හැකි වන්නේ අපි සියලුදෙනාම අපිට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටුකරනවා කියන තිර අදිටනින් යුතුව කටයුතු කිරීමෙන් පමණයි.
රාජ්‍යයක් ලෙස අපිට පැවරී තිබෙන වගකීම මේ රාජ්‍ය ගොඩනැගීම වෙනුවෙන් අපි උපයෝගි කර ගන්නවා කියා මා ඔබට සපථ වෙනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා ඔබට පැවරී තිබෙන කාර්ය සහ වගකීම නිසි පරිදි ඉටු කරන්න කියලා. මම පොදු ජනතාවට ආරාධනා කරනවා ඔබ සියලුදෙනාට පැවරී ඇති වගකිම නිසි ලෙස ඉටු කරන්න කියලා. අපි සියලුදෙනාට එකම අරමුණකින් අඛණ්ඩව කිසිදු අභියෝගයක් හමුවේ නොසැළි එක්ව වැඩ කළ හැකි නම් ඉතා ඉක්මණින් ඉතිහාසයේ අපේ රට සතු වූ අභිමානය සහ ගෞරවයේ උරුමය සහිත මාතෘ භූමිය යළි නිර්මාණය කරගත හැකියි. ඒ වෙනුවෙන් අපි එක්ව වැඩ කරමු කියා සියලුදෙනාට ආරාධනා කරනවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

