ශ්‍රී ලංකා රජය යටතේ පවතින gov.lk යන ඩොමේන් නාමය යටතේ පවතින විද්‍යුත් තැපැල් පද්ධතියට පසුගිය අගෝස්තු 26 එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා උපදෙස් දී තිබේ.
ඒ අනුව තොරතුරු හා සන්නිවේදන නියෝජිතායනය හා ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදයට මෙම පරීක්ෂණය සිදුකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
මෙම විමර්ශනය ශ්‍රි ලංකා රජයට සිදුවූ දත්ත හානිය හා එහි මූල්‍ය වටිනාකම ඇතුළු පැති කිහිපයක් යටතේ පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබේ.