දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී රාසමානික්කම් සානක්කියන් මහතා රජයට එරෙහිව අරගලයේ යෙදීම බාධාවන පරිදි අධිකරණ නියෝගයක් පොලීසිය මගින් ලබාගෙන ඊයේ(28දා) සවස රාසමනික්කම් සානක්කියන් වෙත බාර දෙන ලදී.
මෙවන් පසුබිමක තමන්ට එරෙහිව අධිකරණ තහනම් නියෝගයක් සම්බන්ධව රාසමානික්කම් සානක්කියන් මහතා මෙසේ අදහස් ප්රකාශ කරන ලදී.
කලුවන්චිකුඩි පොලීසිය මගින් මට එරෙහිව හා මාගේ අනුගාමිකයින්ට මාගේ අනුගාමිකයන් යනු කව්රුන්දැයි නොදනී ශ්රී ලංකාවේ ජිවත්වන සියලුම් දෙනා මාගේ අනුගමිකයින්ය. එසේ තිබියදී දින 14ක් කිසිම දෙයක් මාර්ගය අවහිඅර කර මහජන දේපලවලට අලාභ සිදුවන ලෙස හෝ කිසිම කාර්යක් නොකල යුතුයැයි අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දී ඇත.
මේ තමාඅරාජිත තත්වය මක් නිසාද අද දිවයින පුරා සියාලුම ප්රදේශවල ජනතාව වීදි බැස අරගල කරනවිට කලුවන්චිකුඩි පොලිස් ස්ථාන ස්තානිධිපති පමණක් අධිකරණ තහනම් නියෝගයක් ලබා ගෙන ඇත්නම්,මෙරටේ එක රටක් එක නීතියක් නොමැතිනම් මේ රටේ දෙමල ජනතාවට තවත් එක නීතියක්ද යනු දීර්ඝ කාලයක අපට ඇති ප්රශ්නය එය නැවත වරක් කලුවන්චිකුඩි පොලිස් ස්ථානාධිපතිතුමා ස්ථිර කර ඇත.
ශ්රී ලංකාවේ අරගල උද්ඝෝෂණ නොපැවෙත්වෙන ස්ථානයක් නොමැත. එසේ සිදුවෙද්දී කලුවන්චිකුඩිහි පොලිස් ස්ථානාධිපතිතුමා පමණක් මෙවැනි තහනම් නියෝගයක් ලබා ගෙනීම පිළිගත නොහැකිය.මෙවැනි ක්රියා මාර්ග මගින් ජනතා අරගලය පාලන කිරීමට උත්සාහ කිරිමේදී මීටත් වඩා උද්යෝගයෙන් ජනතාව අරගලය කීරීමට උත්සාහ දරයි . මා අද දක්වා අරගලය කිරීමට සිතුවෙත් නොමැත. එහෙත් මෙම තහනම් නියෝගය ලැබුනාට පසු අරගලය කල යුතු යෙයි උනන්දුවක් ඇති කරයි ගෝඨා ගෝ හෝම් යන පාඨය යතාර්ථය වනතුරු . ගෝඨාභය රාජපක්ෂ ගෙදර යනතෙක් මෙම අරගල සිදුවිය යුතුයි. මේ සදහා මාගේ දායකත්වය ලැබෙනු ඇතැයි හෙතම වැඩිදුරටත් පැවසිය.
මඩකලපුව වාර්තාකරු ටි එල් ජව්ෆර්කාන්