රජයක කාර්ය රැකියා ලබාදීම නොවන බව මහනුවර ප්‍රදේශයේ පැවැති විසිතුරු පැළෑටි සහ විසිතුරු මසුන් ප්‍රදර්ශනයකට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
“ඉස්කෝලෙදි අපෙන් අහනවා ලොකු උනාම මොනවද කරන්නේ කියලා? දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරයෙක්, හෙදියක් වෙන්න කියලා අපි කියනවා. අපේ දරුවන්ගේ මනසෙ තියෙන්නේ ඉතාම සුළු වෘත්තීන් කිහිපයක් පමණයි. මෙවැනි දේවල් සමාජගත වෙලා නැහැ.වටිනා වැදගත් වෘත්තියක් හැටියට මෙවැනි බොහෝ දේවල් සමාජගත වෙලා නැහැ. මේසන් බාස්ලා දැවැන්ත ව්‍යවසායකයන් වෙලා හොඳ ජීවිත ගත කරනවා. රස්සාවල් කරන නිලධාරීන්ට වඩා හොඳ ජීවිත ගෙවනවා. වඩුබාස් කෙනෙක් වෙනවා කියලා ඉස්කෝලෙ යන කාලේ කවුරුත් කියලා නැහැ. වඩු බාස්ලා විශාල පිරිසකට රැකියා ලබා දෙනවා. සීමිත වෘත්තීන් කිහිපයක් පමණයි අපේ ඔළුව ඇතුලේ තියෙන්නේ.
වෘත්තීන් බොහොමයක් තියෙනවා සමාජගත වීමට අවශ්‍ය. අපේ අධ්‍යාපනය සමාජ ගත වෙලා තියෙන්නේ සීමිත රාජ්‍ය සේවයේ වෘත්තීන් කිහිපයක් පමණයි. සමාජයේ අලුත් වෘත්තීන් වලට පාසල් අධ්‍යාපනයේ සිටිම වටිනාකමක් දිය යුතුයි. වෘත්තීන් දස දහස් ගණනක් බිහි කළ යුතුව තිබෙනවා. එයින් ප්‍රධානතම එකක් තමයි විසිතුරු පැළෑටි සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය.ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ඉන්නවා, විසිතුරු මසුන් අපනයනය කරන. මෙතන පිරිස දිහා බැලුවම මධ්‍යම පාන්තික පෙනුමක් තියෙන්නේ. විසිතුරු මසුන් කර්මාන්තය කරන ඔබ හොඳ ජීවන මට්ටමක සිටින බව පේනවා.
අපේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි, ආර්ථික ප්රජාතන්ත්රවාදය. ඒ කියන්නේ රටේ හැම පුරවැසියෙකුම ආර්ථිකයට සම්බන්ධ විය යුතුයි. ඒ සඳහා සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා. නමුත් ඒ තරමට ආර්ථික අවස්ථා අවස්ථා ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි රැකියා ඉල්ලගෙන මහ පාරේ කෑගහන්නේ. ආර්ථික අවස්ථා ප්‍රසාරණය වෙලා නම්, අපට රැකියා දියව් කියලා පාරට බහින්නේ නෑ. රජයක කාර්ය රැකියා දීම නොවේ."