රට තුළ ඊනියා අරගල සිදු කර රට අස්ථාවර කිරීමට යළි ඉඩ නොදෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මිනිසුන්ට ආණ්ඩු පෙරලීමට අයිතියක් ඇති නමුත් රාජ්‍ය පෙරලීමට කිසිවකුට අයිතියක් නැති බවත් එය ත්‍රස්ථවාදී ක්‍රියාවක් බවත් අමාත්‍යවරයා පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිණි.
එම සාකච්ඡාව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ ශ්‍රවණාගාරයේදී අද (15) පැවැත්වුණි.
මෙහිදී ආයතනයේ වත්මන් තත්ත්වය හා ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිලධාරින් සමඟ සාකච්ඡා කෙරුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,
“ඔලුව නරක් කර ගත් අරගලකාරයින් හිටියා රාජ්‍ය ආයතනවලත්. ඒ වගේ දේවල් වලට ඉඩ දෙන්න එපා. නැවත අරගලකරුවන්ට කිසිම අවස්ථාවක් දෙන්නේ නෑ. අරගලකරුවන් රට හදන්න එනවා නමුත් ඔවුන් ළමයෙක් ලැබෙන්නේ නැතිව පරිස්සම් වෙන්න දන්නේ නෑ. කුඩාරම් ඇතුලේ රිංගලා හිටියා, අද ඔවුන්ට ළමයි හම්බවෙනවා කෝච්චිවල දාලා යනවා.
මිනිස්සුන්ට තම දේශපාලන මතයට ගරු කරන්න පුළුවන්. කාලකන්නීන්ට රටක් විනාශ කරන්න දෙන්න බෑ. ආණ්ඩු පෙරලන්න, වට්ටන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට තිබෙන අයිතියක්. නමුත් රාජ්‍ය වට්ටන්න, රාජ්‍ය පෙරලන්න හදනවා කියන්නේ එය ත්‍රස්ථවාදී ක්‍රියාවක් වනවා. ”